ඕනෑම පුද්ගලයකු තමන්ට දියවැඩියාව රෝගය වැලඳිලා කියල දැනගත්ත ගමන් ලොකු මානසික අවුලකට ලක් වෙනවා.
ඒකට හේතුව තමයි ඒ රෝගය වැලඳුනා ම තමන් කැමති ආහාරයක් භුක්ති විඳින්න බැරි වීම; ඒ වගේ ම කෑම පාලනය කිරීම නිසා ශරීර සෞඛ්‍යය පිරිහේවි කියන බය.
නමුත් මේ කිසිදු කාරණයකට බිය නොවී, තමන් කැමති ආහාර පාන භක්ති විඳින අතර ම දියවැඩියාව පාලනය කරන්න පුළුවන් කියල ඔයාල දන්නව ද...?
ඒ කොහොමද කියල නිවැරැදි අවබෝධයක් ලබා ගන්න නම් පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ((MBBS, Msc, MD)) තිමති වික්‍රමසේකර ඉදිරිපත් කරන මේ වීඩියෝව නරඹන්න.
(සටහන | ජයසිරි අලවත්ත)







