leader s

කාලය ඉක්ම යෑමත් සමග ම ගහ කොළ මෙන් ම සියලු සත්වයෝ ද වයස් ගත වෙති.


තිරිසන් සතුන් මෙන් නොව මනුසත්වයා නිරන්තරයෙන් ම සොබා දහම සමග සටන් වදින බැවින් වයසට පත් වුව ද එසේ නොවන ලෙස සිටීමට යත්න දරයි; වයසට වඩා අඩු පෙනුමකින් සමාජය ඉදිරියේ පෙනී සිටිමට රුචිකත්වයක් දක්වයි; කායික දුබලතා පැවතිය ද රූප සෝබාව රැක ගැනීමට යත්න දරයි.

යට කී දෑ සත්‍යයකි. එහෙත් වයසට වඩා අඩු පෙනුමකින් සමාජය ඉදිරියේ පෙනී සිටිම වෙනුවෙන් ඔබ කිසියම් පිළියමක් යොදන්නේ නම් එය කළ යුත්තේ ඉතා සැලකිලිමත්ව ය. මන් ද ඇතැම් විට ඔබ වියපත් බව සඟවා ගැනීම සඳහා සිදුකරන ඇතැම් ක්‍රියා, භාවිත කරන ආහාර හෝ වෙනත් ඖෂධ වර්ග ඔබට හානිකර විය හැකි ය.

එසේ නම් සුපරික්ෂාකාරිව එය කළ යුත්තේ කෙසේ ද...? එය නිවැරැදිව අවබෝධ කරගැනීමට නම් පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන වෛද්‍ය තිමති වික්‍රමසේකර ඉදිරිපත් කරන මෙම විඩියෝව නරඹන්න.

(සටහන | ජයසිරි අලවත්ත)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්