දරුවකු හට උණ රෝගය වැලඳී ඇතිදැයි දැන ගැනීම සඳහා දරුවාගේ නළලට අත තබා බැලීම වැරැදි ක්‍රමයක් යැයි ළමා රෝග හා අසාත්මිකතාව
පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ CNLYou tube නාලිකාව ඉදිරිපත් කරන Health the Children වැඩසටහන සමග එක්වෙමිනි.
දරුවකුට උණ රෝගය වැලඳී ඇති ද යන්න පිළිබඳ නිවැරැදි අවබෝධයක් පමණක් නොව උණ රෝගයෙන් පෙළෙන දරුවකු වෙනුවෙන් කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව ද වෛද්‍යවරයා විශේෂ දැනුවත් කිරීමක් සිදු කරයි.
මේ සියලු කරුණු අවබෝධ කරගැනීම සදහා මතු පළ වන වීඩියෝව නරඹන්න.
වැඩසටහන ඉදිරිපත් කරනු ලබන්නේ අචලා පියරත්න විසිනි







