එළඟි තෙල් හැර අපි එදිනෙදා ආහාර සඳහා භාවිත කරන සෑම තෙල් වර්ගයක් ම ලබාගන්නේ ශාකවලිනි. ඒ ශාකවලින් ලබාගන්නා තෙල්වල
කොරස්ට්‍රෝල් තිබිය නොහැකි ය. මන් ද ශාකවල කොරස්ට්‍රෝල් නොමැති බැවිනි; කොලස්ට්‍රෝල් පවතින්නේ සතුගේ සිරුරෙහි ය.
තත්ත්වය ඒසේ වුව ද මිනිස් සිරුරෙහි කොලස්ට්‍රෝල් පවතින බැවින් අප කුමන වර්ගයක තෙල් භාවිත කළ ද අපගේ සිරුරෙහි කොලස්ට්‍රෝල් නිපදවන්නේ යැයි පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) පැවසී ය.
ඔහු එම අදහස් පළ කළේ Mr and Mrs D youtube නාලිකාවෙහි කළ අදහස් දැක්වීමක දී ය.
ඔහුගේ අදහස් දැක්වීම සාරාංශ කර විග්‍රහ කරන්නේ නම් විවිධ තෙල්වර්ග ඇසුරුම්වල කොලස්ට්‍රෝල් රහිතයි (Cholesterol-free) යනුවෙන් සඳහන් කර තිබුණ ද මිනිස් සිරරෙහි කොලස්‌ට්‍රෝල් නිපදවීම වැළැක්විය නොහැකි ය.
නමුත් ඒ සඳහා කිසියම් විධික්‍රමයක් පවතී; ඒය වඩාත් හොදින් අවබෝධ කරගැනිමට නම් මතු පළ වන විඩියෝව නරඹන්න.
(සටහන - ජයසිරි අලවත්ත)








