''බලහංකො බං... ලොක්ක නං ඉතිං ආතල් එකේ ඉන්නව. ඌට මොකද ඉතිං... ඌට තියෙන්නෙ අපිට වැඩ පවරන ඒක විතරයි නෙ... අපි ඉතිං උදේ ඉඳං රැ වෙනකන් මැරෙන්න ඕන ..."
ඔබ ආයතනයක සේවය කරන පුද්ගලයෙක් නම් මේ දෙබස් ඛණ්ඩය අනන්තවත් අහල ඇති; සමහර විට ඔබට ම තවත් කෙනෙක් කියල ඇති; එහෙමත් නැති නම් ඔබ ම තවත් කෙනකුට කියල ඇති.
ඒත් ඇත්ත ම තත්ත්වය මේක ද...? කිසියම් ආයතනයක විධානය දෙන පුද්ගලයා ඉන්නෙ ආතල් එකේ ද...? පීඩාවට පත් වෙන්නේ විධානය පිළිපදින පුද්ගලයා හෝ පුද්ගලයෝ පමණක් ද...?
මෙන්න මේ සම්බන්ධයෙන් නිවැරැදි අවබෝධයක් ලබා ගන්න නම් මතු පළ වෙන විඩියෝව නරඹන්න.
මේ වීඩියෝවෙ කරුණු ඉදිරිපත් කරන්නෙ මනෝවිද්‍යා විශේෂඥ වෛද්‍ය (MBBS, Msc, phd) නදී පීරිස්.
සාකච්ඡාව මෙහෙයවන්නෙ පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය (MBBS, Msc, MD) තිමති වික්‍රමසේකර
(සටහන - ජයසිරි අලවත්ත)








