කොලෙස්ටරෝල් අඩංගු නැතැයි විවිධ තෙල් වර්ග අඩංගු බෝතල්වල සඳහන් කර තිබුණ ද මිනිස් සිරුරෙහි කොලෙස්ටරෝල් නිෂ්පාදනය වන බැවින් කුමන වර්ගයේ තෙල් වර්ගයක් ආහාරයට ගත්ත ද කොලෙස්ටරෝල් වර්ධනය වීම වළක්වාගත හැකි වන්නේ වෙනත් ආකාරයකට යැයි පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය (MBBS, Msc, MD) තිමති වික්‍රමසේකර පැවසි ය.
වෛද්‍යවරයා මෙම අදහස් පළ කළේ TV supreme youtube නාලිකාවේ ''සුවැති උදෑසන වැඩසටහන සමග කළ සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දි වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා අවධාරණය කළේ කිසිදු ශාක වර්ගයක් කොලෙස්ටරෝල් නිෂ්පාදනය නොකළ ද සියලු සත්ව සිරුරු තුළ කොලෙස්ටරෝල් නිෂ්පාදනය වන බවයි; එබැවින් මනුසත්වයා වන අපගේ සිරුරෙහි ද කොලෙස්ටරෝල් වර්ධනය වන්නේ යැයි හෙතෙම වැඩි දුරටත් පැවසී ය.
එසේ නම් අප කොලෙස්ටරෝල් පාලනය කර ගතයුත්තේ කෙසේ ද යන්න අවබෝධ කරගැනීම සදහා මතු පළ වන විඩියෝව නරඹන්න.
මෙම පුවතට අදාල තවත් විස්තර :
හොඳම තෙල් නරක විදියට කෑවත්, නරක තෙල් හොඳම විදියට කෑවත්, එකම ප්‍රතිඵල - Mr and Mrs D විඩියෝවක්








