leader s

වර්තමානයේ බොහෝ දෙනෙකු තමන්ගේ තරුණවිය ඉක්මවා වැඩිහිටි වියට පැමිණෙන විට ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරුන් විසින් ඇස්ප්‍රීන් පෙත්තක් නිර්දේශ කරන අයුරු ඔබ දැක ඇත.

මෙය සාමාන්‍ය වේදනාවකට හෝ උණ සෑදුණ විට ලබා දෙන ඇස්ප්‍රින් පෙත්තකින් (මිලිග්‍රෑම් 325) භාගයක් හෝ කාලක් විය හැකිය. (මිලිග්‍රෑම් 75, 100 හෝ 150) දිනපතා මෙසේ ඇස්ප්‍රීන් පෙත්තක් ගැනීමෙන් හෘදයාබාධයක් හෝ අංශභාග තත්ත්වයක් ඇති වීමේ අවදානම අඩු වේ. එහෙත් වැඩිහිටි සියලු දෙනාටම ඇස්ප්‍රින් අවශ්‍ය නොවේ.

ඔබ ඇස්ප්‍රීන් බොන්නේ නම් ඒ සඳහා වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් තිබීම වැදගත්ය. එසේම ඔබ මේ වන විට හෘදයාබාධයකින් හෝ අංශභාග රෝගයෙන් පෙළෙන්නේ නම් දිනපතා ඇස්ප්‍රින් ගැනීමට ඔබගේ වෛද්‍යවරයා බොහෝ විට නිර්දේශ කරනු ඇත.

 

ඇස්ප්‍රීන් ඖෂධය මගින් අසාත්මිකතාවයක් ඇති නොවන්නේ නම්, සහ ආමාශයේ තුවාල ඇතිවීම, ආහාර මාර්ගයේ රුධිරය ගැලීම වැනි අතුරු ආබාධ ඇති නොවේ නම් හෘදයාබාධයක් හෝ අංශභාග තත්ත්වයක් වැළඳුන බොහෝ දෙනෙකුට ඇස්ප්‍රීන් ඖෂධය ලබා දේ. තවද එවැනි රෝගී තත්ත්වයන් ඇතිවීමට පවතින අවදානම වැඩිවිය හැකිය.

දියවැඩියාව, අධි රුධිර පීඩනය, දුම්පානය වැනි අවදානම් සාධකයන් ඇති නම් දිනපතා ඔබට ඇස්ප්‍රීන් පෙත්තක් ගැනීමට වෛද්‍යවරයා නිර්දේශ කරනු ඇත.

The Leader | We Lead the Nation - Results from #5910

එහෙත් වෛද්‍ය නිර්දේශ නොමැතිව ඇස්ප්‍රීන් භාවිතා කිරීම නුවණට හුරු නැත. හිසේ කැක්කුමක්, උණක් හටගත් විට ඇස්ප්‍රීන් පෙත්තක් හෝ දෙකක් භාවිතා කිරීම බොහෝ දෙනෙකුට අවදානමක් ඇති කරන දෙයක් නොවේ. එහෙත් වෛද්‍ය නිර්දේශයකින් තොරව දිගින්දිගටම ඇස්ප්‍රීන් භාවිතා කිරීම හේතුවෙන් ආහාර මාර්ගයේ රුධිරය ගැලීම වැනි අතුරු ආබාධ ඇති විය හැකිය.

ඇස්ප්‍රීන් ඖෂධ මගින් හෘදයාබාධ වලක්වාගන්නේ කෙසේද?

 


රුධිර පට්ටිකාවල ක්‍රියාකාරිත්වය අඩු කිරීමට ඇස්ප්‍රීන්වලට හැකියාව පවතී. මේ හේතුවෙන් ලේ කැටිගැසීම පාලනය කරයි.

අපට හෘදයාබාධයක් හෝ අංශභාග තත්ත්වයක් ඇතිවන්නේ හෘදයට හා මොළයට රුධිරය සපයන රුධිර නාලයක ලේ කැටියක් අවහිර වීමෙනි. ඇස්ප්‍රීන් මගින් මෙවැනි ලේ කැටි ගැසීමට ඇති හැකියාව අවම වේ.

දිනපතා ඇස්ප්‍රීන් භාවිතා කිරීම සුදුසු වන්නේ කෙබඳු අයටද?

 

හෘදයාබාධ මැඩලන සොබා දම් පිළියම් | හෘදවේද විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහ
*මේ වන විටත් හෘදයාබාධයක් හෝ අංශභාග තත්ත්වයක් ඇති වී තිබේ නම්,

*බයිපාස් සැත්කමකට භාජනය වී ඇත්නම්,

*ඇන්ජියෝප්ලාස්ටි සහ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් කර ඇත්නම්,

තව ද ඔබ දියවැඩියාව රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා අයෙකු නම් දිනපතා ඇස්ප්‍රීන් ගැනීමට බොහෝ විට ඔබගේ වෛද්‍යවරයා නිර්දේශ කරනු ඇත.

ඔබ ඇස්ප්‍රීන් ලබා ගත යුතු නොවන්නේ කෙබඳු අවස්ථාවලද?

 

asptu
අසාත්මිකතා පවතින්නේ නම්,

බඩේ දැවිල්ලක් ඇතිවන්නේ නම් හෝ ආමාශයේ තුවාල ඇතිවන්නේ නම්,

ඔබ ඒ පිළිබඳව වෛද්‍යවරයාට දැන්වූ විට ඇස්ප්‍රීන් වෙනුවට වෙනත් ඖෂධයක් ලබා දෙනු ඇත.

වඩාත්ම සුදුසු ඇස්ප්‍රීන් මාත්‍රාව කොපමණද?

මේ පිළිබඳව තීරණය කරනුයේ ඔබගේ වෛද්‍යවරයා වන අතර මිලිග්‍රෑම් 75, 100 හෝ 150ක් වැනි අඩු ප්‍රමාණයක් නිර්දේශ කරනු ඇත.

Namal Wijesinghe Prof(සටහන | වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ)
හෘදවේද විශේෂඥ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

උපුටා ගැනීම -  vinivida.lk

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්