leader s

මෑතකදී වෛද්‍යවරයකු වෙත පැමිණි‚ එක්තරා රෝගියෙකු වෛද්‍යවරයා තම රෝගය ගැනත්, ප්‍රතිකාර ගැනත් දෙන ලද උපදෙස් සාවධානව අසා හිඳ අන්තිමේ මෙවැනි ප්‍රශ්නයක් නැගුවේය.


“ඩොක්ටර් මං ඉදල හිටල පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට කමක් නැද්ද?˜

ඉදහිට ඉතා කලාතුරකින් මත්පැන් ස්වල්පයක් ගැනීමෙන් එම රෝගයට බලපෑමක් ඇති නොවන බව වටහා ගත් වෛද්‍යවරයා එය කලාතුරකින් ඉතා ස්වල්පයක් ලෙස සලකා වරදක් නැතැයි කීය.

අන්තිමේ ඔහු රෝගී වීමට කලින් කළ පරිද්දෙන්ම ඉවක් බවක් නැතිව මත්පැන් පානය කරන්නට පටන් ගත්තේ ˜බිව්වට කමක් නෑ කියලා දොස්තර මහත්තයා කිවා” යැයි පවසමිනි.

bk78i7878

ඕනෑම වෛද්‍යවරයකු තමන් කරා එන රෝගියකුට ප්‍රතිකාර නියම කර තවත් පිළිපැදිය යුතු දේවල් පිළිබද උපදෙස්ද ලබා දීම සාමාන්‍ය ස්වභාවයයි. මෙසේ ලබා දෙන උපදෙස් එක් එක් වෛද්‍ය ක්‍රමවලට අනුවත්, ප්‍රතිකාරවලට අනුවත්, රෝගවලට අනුවත් එකිනෙකට වෙනස්වේ. එපමණක් නොව එකම රෝගයකදී වුවත් රෝගීන් දෙදෙනෙකුට දෙන උපදෙස්වල වෙනස්කම් පවතිනු ඇත. ඒ රෝගියාගේ වයස, රැකියාව, රෝගයේදී මතු වූ සංකූලතා සහ අනිකුත් රෝග තත්ත්ව ආදිය සැලකිල්ලට ගනිමිනි. නමුත් රෝගීන්ට මේ ගැන නිසි අවබෝධයක් තිඛෙනවාද, ඒවා කොතෙක් දුරට සැලකිල්ලට ලක් කරනවාද යන්න ගැටලූ සහගතය.

වෛද්‍යවරයා දෙන උපදෙස් වලින් තමන් කැමති එකක් හිතට ගැනීම :

මෙහි මුලින්ම දැක් වූ සිද්ධියත් මෙයට කදිම නිදසුනකි. වෛද්‍යවරයා කියන හැමදේම අසා සිටින රෝගියා වෛද්‍යවරයා තමන් කැමති දෙයක් ගැන කිව්වොත් සෙසු සියල්ල නොතකා ඒ ගැන පමණක් අවධානය යොමු කිරීමට පෙළඹේ.

මෙසේ වෛද්‍යවරයා දෙන අවවාද වලින් තමන් කැමති දේ පමණක් තෝරා ගැනීම සහ වෛද්‍යවරයාගේ උපදෙස්වලට වැරදි අර්ථකතන දීම තුළින් අවාසි සිදු වන්නේ රෝගියාටමය.

වෙනත් රෝගියෙකුට දුන් උපදෙසක් තමන් පිළිපැදීම

 

සෑම ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුගෙන් එක් අයෙකුට අධි රුධිර පීඩනය !
තමන්ගේ හිතවතෙකුට හැදුණු රෝගයක් තමන්ටත් වැළදුණොත් ඒ රෝගියාට වෛද්‍යවරයා දුන් උපදෙස් තමාද පිළිපැදීම සහ ඒ ඛෙහෙත් හිතුමතේට පාවිච්චියට ගැනීම ඇතැම් විට තමන්ගේ වල තමන්ම කපා ගැනීමක් විය හැකිය.

ඉහතද සදහන් කළ පරිදි එකම රෝගයක් වුවත් දෙදෙනෙකුට හැදුණොත් දෙනු ලබන වෛද්‍ය අවවාද වෙනස් විය හැකිය. එයට හේතුව මෙයයි. රෝගීන් දෙදෙනෙකු ගතහොත් ඔවුන්ගේ වයස, රෝගයේ ස්වභාවය, රෝගයෙන් මතුවන සංකූලතා, රෝගීන් දෙදෙනාට තිබිය හැකි වෙනත් රෝග, දෙදෙනා කරනු ලබන රැකියා යනාදී සියල්ල වෙනස්වේ.

සුළු නිදසුනක් ගනිමු.

බර වාහන රියැදුරෙකුට සහ ලිපිකරුවෙකුට හෘදයාබාධයක් හැදුණේ යයි සිතන්න. රෝගය සුව වී සති දෙකකට පසු රැකියාවට වරදක් නැතැයි ලිපිකරුවාට උපදෙස් දිය හැකිය. නමුත් බර වාහන රියැදුරාට එබදු උපදෙසක් දීම යෝග්‍ය නොවේ. මේ අනුව තමාම වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරනු විනා වෙන කෙනෙකුට දුන් උපදෙස් අනුගමනය කරන්නට යාම ඉතා අහිතකර විය හැක.

වෛද්‍යවරයා එපා කී දෙයන් වෙන කෙනෙක් කියූ නිසා කිරීම :

උදාහරණයක් ලෙස හෘදයාබාධයක් හට ගත් අයෙකුට තෙල් කෑම කන්නට එපා යැයි වෛද්‍යවරයා අවවාද කළේ යැයි සිතමු. නමුත් කවුරු හෝ කෙනෙක් පොඩ්ඩක් කෑවට කමක් නෑ අනේ. පපුවෙ අමාරුව හැදුණු අහවලාත් තෙල් කෑම ඉදහිට ගන්නවා” යැයි කීවොත් වෛද්‍යවරයාගේ අවවාදය පසෙක ලා අර තැනැත්තාගේ උපදෙස හිස් මුදුනින් පිළිගෙන තෙල් කෑම දිගින් දිගටම ගෙන රෝගය වැඩි කරගනු ඇත.

 

අතිරේක පෝෂණ භාවිතය සහ කායවර්ධනයේ අනාගතය - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

එසේම අධික රුධිර පීඩනයට දෙන ඖෂධවලින් වකුගඩුවලට බලපෑම් වෙතැයි සමහරුන් තුළ වැරදි විශ්වාස තිබේ. එවැනි දෙයක් සිදු නොවන බවට වෛද්‍යවරයා කොතෙක් කීවත් වෙන කවුරු හෝ “ඔය බේත් වැඩිය ගන්න එපා. වකුගඩු නරක් වෙයි” යැයි කිව්වොත් වෛද්‍ය උපදෙස් තුට්ටුවකට නොසලකා ඛෙහෙත් නතර කිරීමට බොහෝ රෝගීන් සූදානම්ය. අන්තිමේ එසේ ඛෙහෙත් නොගෙන හිද රෝගය වැඩි වුණොත් යළි එන්නේත් වෛද්‍යවරයා ළගටමය.

“කවුද ඔයාට කිව්වෙ බේත් නතර කරන්න කියලා” යනුවෙන් වෛද්‍යවරයා ඇසුවොත් “එක් කෙනෙක් කිව්වා” යනුවෙන් කියනු මිස එයට නිසි පිළිතුරක් දීමට පවා රෝගීහු අසමත් වෙති.

වෛද්‍යවරයා එපා කියන දේ කිරීම :

ලුණු ඔබේ ශරීරයට කරන්නේ කුමක් ද?
මෙය බොහෝ වැඩිහිටියන් අතින් සිදු වන්නකි. නිදසුනක් ලෙස අසනීප වී සිටි දරුවකුගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම පිණිස පෝෂ්‍යදායී යම් යම් ආහාර වර්ග දෙන ලෙස වෛද්‍යවරුන් නියම කළද වැඩිහිටියෝ ඒවා දීමට මැලි වෙති.

බිත්තරයක්, කුකුල්මස් ටිකක් දෙන්නැයි වෛද්‍යවරයා කීවොත් ඒවා දීලා මේ අසනීප වෙච්ච ළමයට බඩේ අමාරු හදවන්නද හදන්නෙ?˜ යැයි නිවසේ වැඩිහිටියන් දරුවාගේ මවට කියනු ඇත. දොඩම් වැනි පලතුරක් දෙන්නට කීවොත් “අපෝ එපා. ළමයට සෙම හැදෙයි” කියනු ඇත. බඩ බුරුල් වන බව කියමින් ඇඹුල් කෙසෙල් ගෙඩි දීම වළක්වනු ඇත. “කෝලි කුට්ටු දෙන්න එපා. බඩ වේලෙයි” කියනු ඇත. “දොස්තර මහත්තයා නම් කිව්වේ ළමයගේ පෝෂණය වැඩි කරන්න මේ වගේ දේවල් දෙන්න කියලයි” යනුවෙන් දරුවාගේ මව කිව්වොත් දැන් ඉන්න දොස්තරලා කොහෙද ඕවා දන්නෙ? ඕවා මේ පුරාණ කාලේ ඉදලම එන දේවල්නෙ. උඹ ඕව දීලා ළමයට නැති ලෙඩ හදන්න එපා යනුවෙන් ළමයාගේ මවට බැණ වැදීමට මෙවැනි වැඩිහිටියෝ පසුබට නොවෙති. නමුත් මෙලෙස වෛද්‍ය අවවාද නොතකා හැරීම මගින් අවැඩක් සිදු වන්නේ රෝගීව සිටින දරුවාට බව වැඩිහිටියන් සිතන්නේ නැත.

අන්තර්ජාලය බලා තමන්ගේ රෝගය නිර්ණය කිරීම:

SARS-CoV-2 වෛරසය මිනිසුන්ට මරණය ගෙන එන හැටි මෙන්න !
එකම ආකාරයේ රෝග ලක්ෂණ තිඛෙන රෝග ගණනාවක් තිබේ. ඒ අනුව තමන්ට තිඛෙන කිසියම් රෝග ලක්ෂණයක් ගැන අන්තර්ජාලය ඇසුරින් තමන්ටම නිවැරදි නිරීක්ෂණයකට එළඹීම නුසුදුසු වන අතර එය අසීරු කරුණක් ද වේ. ඒ අනුව “මට තියෙන්නේ අසවල් ලෙඩේ. ඒකට අසවල් ඛෙහෙත් සුදුසුයි” යනුවෙන් තමන්ම නිගමනය කිරීම ඉතා නුසුදුසු ක්‍රියාවකි. එනිසා ඔබ රෝගියෙකු නම් වෛද්‍යවරයකු හමුවන්න. වෛද්‍යවරයා දෙන උපදෙස් පිළිපදින්න.

Namal Wijesinghe Prof(උපදෙස් | වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ)
හෘදවේද විශේෂඥ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

උපුටා ගැනීම -  vinivida.lk

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්