leader s

රූපලාවණ්‍ය නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමේදී ප්‍රමිති පරීක්ෂා සිදුකළද නීත්‍යනුකූල නොවන ආනයනික රූපලාවණ්‍ය නිෂ්පාදන රැසක් මෙරට වෙළෙඳ‌ෙපාළ තුළ තිබෙන බව මේ වන විට අනාවරණයවී ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ (පරීක්ෂණාගාර සේවා) සුජීව මහගම පවසයි.


මෙලෙස ආනයනික රූපලාවණ්‍ය පරීක්ෂාව මගින් සාම්පල් සියයට අනූනවයක් පමණ එම සාම්පල පරීක්ෂාවෙන් සමත් වන නමුත් වෙළෙඳපොළ වැටලීම්වලදී භාවිතයට නුසුදුසු තත්ත්වයේ නිෂ්පාදන හමුවන්නේ නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර හෝ මෙරට තුළ ව්‍යාජව නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදන බව හෙතෙම සඳහන් කළේය.

රූපලාවණ්‍ය නිෂ්පාදනයක් තුළ අඩංගු විය යුතු රසදිය ප්‍රමාණය කිලෝග්‍රෑම් එකකට මිලි ග්‍රෑම් එකක් පමණ වන නමුත් මෙම වෙළෙඳපොළ පරීක්ෂා කිරීමේදී හඳුනාගත් ඇතැම් නිෂ්පාදන තුළ එම සීමාව ඉක්මවා තිස් දහසත් හතළිස් දහසත් අතර සීමාවල රසදිය පවතින බව හඳුනාගෙන ඇත.

මෙවැනි නිෂ්පාදන භාවිතය සෞඛ්‍යට මෙන්ම පරිසරයට ද හානියක් වන බව පෙන්වාදුන් හෙතෙම කියා සිටියේ මෙම නිෂ්පාදන මිලදී ගැනීමේදී භාරිභෝගිකයන් ලෙස වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.

aruna | නිර්මාණි තිලකසිරි)

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්