වාර්ථා වලට අනුව මිනිස්සු අසාමාන්‍ය විදිහට ෆෝන් එකට ඇබ්බැහි වීම නිසා මානසික රෝග තුන් ගුණයකින් විතර වැඩි වෙලා !
ඇබ්බැහි වෙලා නෙමෙයි සමහර මිනිස්සුන්ට ඕකෙන් තොර ලෝකයක්ම නැති වෙලා.
විනාඩි දහයක් ෆෝන් එක ළඟ නැති වුනාම , පිස්සුවෙන් දඟලන මිනිස්සු ඕන තරම් ඉන්නවා.
ඔයා නොදන්නවා උනාට Social media ඇබ්බැහිය ඒ තරමටම දරුණුයි

ඔයාට ,
අඬන ළමයට කන්න නොදී ෆෝන් එක ඔබ ඔබ ඉන්න හිතෙනවනම් ,
මහත්තයට කෑම උයන්න තියන වෙලේ මැසෙන්ජර් එකේ කා එක්ක හරි ඕපයක් කියවනවනම් ,
පෙම්වතිය online තියාගෙන වෙන අයව හුරතල් කරන්න හිතෙනවනම් ,
ෆේස් බුක් එකේ , ඉන්ස්ටා එකේ , ටික් ටොක් එකේ , Like ටික කමෙන්ට් ටික followers ලා ටික දැකල අනේ මට මිනිස්සු පුදුම කැමතියි මම මාර පොරක් මට මාර සෙනගක් ඉන්නවා කියල හිතෙනවනම්,
තමන්ගෙ මිනිස්සු ටික, තමන්ගෙ පවුල අංක දෙකට දාලා ජීවිතේ අංක එක සෝෂල් මිඩියා වෙලා තියනවනම් ,
පව් ඔයා අහුවෙලා....
මම කියනවට එක සති දෙකක් ෆෝන් එක off කරලා ඉඳල බලන්න
ඔය කියන පෙන්නන කව්රුත් අපි ළඟ නෑ..
ඔයාගෙ අකුරු , ඔයාගෙ කමෙන්ට් , ඔයාගෙ අගය කිරීම් , ඔයාගෙන් ලැබීම් නැති උන දාට ඒ කිසි කෙනෙක් ඔයාට නැහැ.
අඩු ගානෙ නමවත් මතක නැහැ...
සෝෂල් මිඩියා වල ලක්ෂ ගණන් සෙනග එක්ක හිටපු මිනිස්සුත් මැරුණම මිනිය ළඟ හිටියෙ ගෙදර ඉන්න කීප දෙනයි ,
හදිස්සියට ලෙඩට දුකට තනියට ඉන්නෙ හැමදාම හිටපු පරණ යාළුවො එකා දෙන්නා විතරයි ,

ඒකාකාරී ජීවිතේට වෙනසක් ගන්න සෝෂල් මිඩියා වල සැරිසැරුවට ජීවිතේ සෝෂල් මිඩියා වලට උගස් තියන්න එපා ,
සින්න වෙනකොට සින්න වෙන්නෙ ඔයාවත් එක්කම ,
ඒ නිසා අම්මට තාත්තට නෝනට මහත්තයට දරුවට හෝ තමන්ගෙම එවුන් ටිකට දෙන්න තියන කාළය ව්‍යාජ බැඳීම් වලට අනවශ්‍ය විදිහට නාස්ති කරන්න එපා ,
ඇත්තම කිව්වොත් වචන වලින් අපි ළඟ ඉන්න කවුරුත් ඇත්තට
අපි එක්ක නෑ ,

සයිබර් ලෝකෙ අතරමන් නොවී යතාර්ථයට බර දෙන්න ,
ඔයාගෙ බරම ටික ඔයාගෙ ඇත්ත මිනිස්සුන්ට දෙන්න
මිනිස්සු ඔය සෝෂල් මිඩියා වල පෙන්වන තරම් ඇත්ත ජීවිතවල සුන්දර නැහැ .
(සටහන | අනිශා ජයකොඩි )
Psychological counsellor
(උපුටා ගැනීම - Anisha Jayakody ෆේස්බුක් පිටුවෙන්...)








