leader s

වසර පහකට වඩා එකම උපත් පාලන ක්‍රමය අනුගමනය කිරීම පියයුරු පිළිකා අවදානමක් මතු කරන බවට පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇතැයි වෛද්‍ය චූලාංගනී ගුණසිංහ පවසයි.


එමෙන්ම මාස් ශුද්ධිය නතරවීමෙන් පසුව ඇතැම් කාන්තාවන් භාවිතා කරන හෝමෝන ප්‍රතිකාර ද පියයුරු පිළිකාවට හේතුවක් වී ඇතැයි ද ඇය අවධාරණය කරයි.

දිවයින පුරා පිහිටි 535කට අධික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල මගින් මෙන්ම රජයේ රෝහල්වලින් පියයුරු පිළිකා පරීක්ෂාව නොමිලේ සිදුකරගත හැකි යැයි වෛද්‍යවරිය පවසයි.

ඊට අමතරව පියයුරු පිළිකා සඳහාම වූ මැමෝග්‍රෑම් පරීක්ෂාව නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි මධ්‍යස්ථානයෙන් නොමිලේ කරගත හැකි යැයි ද ඇය කීවාය.

වඩා වැදගත්ම කරුණ වන්නේ මාස් ශුද්ධියෙන් හත් වැනි දිනය හා දස වැනි දිනය අතර කාලයේදී ස්වයං පරීක්ෂාව සිදුකිරීම යැයි ද වෛද්‍යවරිය අවධාරණය කළාය.

පියයුරු පිළිකාව පරාජය කිරීමේදී තම මිතුරිය, සොයුරිය, බිරිඳ මෙන්ම මව වෙනුවෙන් සමාජය බලගැන්වීමට පුරුෂ පාර්ශ්වයට ද විශාල වගකීමක් ඇතැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ඇය මෙම අදහස් පළකළේ VOW (Voice of Women ) යූ ටියුබ් නාලිකාවේ නිරංජලා මංජරී හා කෞශල්‍යා ප්‍රනාන්දු මෙහෙයවන සංවාදයකට සහභාගී වෙමිනි.


whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්