leader s

ලෙඩ වෙන්නෙ නැතුව ඉන්න එක මහාලොකු විද්‍යාවක් නොවෙයි.


හැබැයි යසට ඉන්න මිනිස්සු ලෙඩ කරන එක විද්‍යාවක් සහ කලාවක්.

කොම්පැනි කාරයෝ පැකට් කරපු ආහාර හැදුවා.

උන් විද්‍යාව සල්ලි වලට ගත්තා. උන්ගෙ ඇම්බැට්ටයො ෆූඩ් ගයිඩ්ලයින් හැදුවා.

උන් අපි සොබාදහම එක්ක ජීවත් උනු එක නැති කරලා දැම්මා.

මම ඩොකෙක් නිසා ඇත්තම ඇත්ත කියන්න බෑ. පුලුවන් ටික කියන්නම්.

 


"උන් උඹලා මස් බිත්තර කන එක වැලැක්කුවා "

ඒවා කෑවාම කොලෙස්ටරෝල් වැඩි වෙලා හාට් ඇටෑක් එනවා කියලා.

ඒක ඇත්ත නම් මානව පරිනාමයක් වෙන්න බෑ. මිනිස්සු පරිනාමය පුරාවටම මස් බිත්තර මාලු තමා කෑවෙ. ඔය කියන කතාව ඇත්ත නම් මිනිස්සු හාට් ඇටෑක් හැදිලා බුරුතු බුරුතු  පිටින් මැරිලා වඳවෙලා යන්න ඕන.

නමුත් එහෙම උනේ නෑ.

හිතපල්ලා...

තොපි වැඩියෙන් කන්නෙ බත්. සීනි පාන්පිටි.

"ඒව තමා බොලාට නොකා ඉන්න බැරි, ජීවිතය විඳිනවා කියලා හිතන්නේ ඔය දේවල් ගලින් එකටයි. අපිව පොඩි කාලෙ ඉඳලා පුරුදු කරන්නේ ඕව කන්න.

ත්‍රිපෝෂ, ඇට වර්ග, එලවලු වර්ග, පලතුරු වර්ග මේ සේරගෙම තියෙන්නෙ කාබ්ස් විතරයි. කාබොහයිඩ්රේට් පොඩ්ඩක්වත් අපට ඕන නැහැ. බත් ඇටයක්වත්, සීනි ඇටයක්වත් අපට ඕන නැහැ. නමුත් අපි කන්නේ 70-80% විතර කාබෝහයිඩ්‍රේට් "

ඒ නිසයි තමයි බොලා බුරුතු පිටින් ලෙඩ වෙන්නෙ. මහත් වෙන්නෙ. අකාලයේ බුරුතු පිටින් මැරිලා යන්නේ.

මස් මාලු බිත්තර කන්න ගත්ත ගමන් ඔය ගොඩක් බෝනොවෙන රෝග සුව වෙනවා.

IMG 5845
මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල, මේද අම්ල, විටමින, ඛනිජ ලවන, මේ සේරම තියෙන්නෙ මස් මාලු බිත්තර සහ කිරි ආහාර වල. මේ සේරම සත්ත්ව නිශ්පාදන. සත්ත්ව ආහාර පමණක් ඇති මිනිස්සුන්ට ඉතා හොඳින් නිරෝගීව ජීවත් වෙන්න.

නමුත් ශාක ආහාර පමනක් ගත්තොත් ඔවුන් ලෙඩ වෙලා අකාලයේ මිය යනවා.

උපදින දරුවන් පවා ලෙඩ්ඩු වෙනවා.

ලෝකයේ කිසිම වීගන් ගෝත්‍රයක් නෑ.

අඩුගානෙ ඉන්දියාවෙවත් නෑ.

ඔක්කොම දඩයක්කරුවන්.

TheWell Food Pyramid Politics GettyImages 154959886

ෆූඩ් පිරමිඩ් කියලා මගුලක් අටවලා, සමබල ආහාර වේල කියලා බොරුවක් මවලා, හැඩට ඉන්න මැනල කන්න කියලා තඩි බත් පිඟානක් හදලා බොලාට බලෙන් පැටෙවූවා.

උන් රතු මස් කන්න එපා කියන තරම් සීනි පාන්පිටි කන්න එපා කියන්නෙ නෑ. බොලාගෙ අවදානය වෙන පැත්තකට හරවනවා. බොරු බිල්ලො මවනවා.

බොලා ජොලියට ඒ ජරාව කාලා ලෙඩ වෙනවා.

බේත් කොම්පැනි කාරයෝ ඒකෙන් සැප විඳිනවා.

අවදිවෙයල්ලා.

#wannakumethod කියලා දෙයක් නෑ

රෑ මද්දහන වෙනකම් ෆෝන් එකට කොටා ඉන්නෙ නැතුව නිදා ගනිල්ලා

 

bw45bfhgf67567567

උදේ ඉඳන් රෑ වෙනකම් හරක් උලා වගේ මොනවා හරි උලා කන්නෙ නැතුව දවසකට බඩ පිරෙන්න වේල් දෙකක් හෝ තුනක් කාපල්ලා

පාන්දර නැගිට්ට ගමන් හත් අවුරුද්දක් නොකා හිටියා වගේ කන්න හොයන්නෙ නැතුව පොඩ්ඩක් ඉර මුදු වෙනකම් ඉවසලා හිටාල්ලා කන්න.

රෑට බිං කලුවර වැටෙන්න කලින් තියෙන දෙයක් කොටා බාලා ඉක්මනින් නිදා ගනිල්ලා.

බොලාගෙ ආතලා මුත්තලා කාපු නැති සුදු කොම්පැනි කාර මහත්තැන්ලා මේකට ගෙනල්ලා අතෑරපු සීනි පාංපිටි ගුලි කොටා බාන එක නවත්තපල්ලා.

වැද්දො කලා වගේ, දඩයම් කරගන්න පුලුවන් සතෙක්, බිලී බාගන්න පුලුවන් මාලුවෙක්, හෝ එකතු කර ගන්න පුලුවන් බිත්තරයක් වැඩිපුර ඒ කියන්නෙ පිඟානෙන් බාගයකට වඩා කන්න.

ගෙඩි කොල අල මුල් ධාන්‍ය බත් මේ ඔක්කොම පිඟානෙන් හතරෙන් එකකට අඩුවෙන් ගන්න.

වඳුරාගෙන් , මානවයා වෙනස් උනේ දඩයම් කරන්න ගත්තු නිසා.

බොලාට ආපහු ගස් උඩට යන්න ඕන නම් කොල එලවලු පලතුරු වැඩියෙන් කාපල්ලා.

vb46bftgf78
අපේ මුතුන් මිත්තො කලා වගේ දඩයමේ යන්න බෑ .

ගස් නගින්න බෑ.

හැබැයි ඒ වගේ ව්‍යායාම කරපල්ලා.

මැසින් වල හැප්පිලා පලක් නැත.

#wmworkoutA
Squat, pushups, lunges, bridge, rowing, හැම එකෙන්ම හත ගානෙ රවුම් පහක් අඩුම ගානෙ සතියකට දෙපාරක් කරන්න.

දවසකට පැය බාගයක් උදේ, සවස අවුවේ ඉන්න.

ඇවිදිනවානම් සෙරෙප්පු සපත්තු නැතුව පැය බාගයක් ඇවිදින්න

ආපහු කැලේකට යන්න.

බැරිනම් වැද්දෙක් වගේ ජීවත් වෙන්න.

එච්චරයි
රෝහල කියන්නේ සෞඛ්‍යය නෙවෙයි.

විටමින් කියන්නේ ආහාර නෙවෙයි.

healthy food school age childrennarrow
ඩොකා ඉන්නෙ ලෙඩට බේත් කරන්න මිසක් ලෙඩ වලක්වාගෙන සෞඛ්‍යය සම්පන්නව ඉන්න කියල දෙන කෙනෙක් නෙවෙයි.

ඩොකා කරන්නෙ ලෙඩ වෙනකම් බලා ඉඳලා බේත් දෙන එක.

ඒකට තමා ඩොකාලව පුහුනු කරන්නෙ.

වෛද්‍ය අධයාපනයෙන් වැඩිහරියක් තියෙන්නෙ රෝග හැදුනට පස්සෙ ප්‍රතිකාර කරන හැටි මිසක් වලක්වා ගන්න එක නෙවෙයි. ලෙඩ වලක්වන්නෙ අහවල් සෙද්දකටද ?

ලෙඩ වැලැක්කුවට කාටවත් කිසිම ලාභයක් නෑ.

There is no money in prevention.

රෝග හැදෙන එක වැලැක්කුවොත් ඔක්කොටම කෙලවෙනවා.

දියවැඩියාව 1990 ඉඳන් හතරගුණයකින් වැඩිවෙලා.

කෝ මහලොකු විද්‍යාව.

ලෝකයෙන් තුනෙන් එකක් මහතයි. කෝ විද්‍යාව.

කිසි කෙනෙක් වගකීම භාර ගන්නවද ? ඇයි ගන්නෙ නැත්තෙ ?

ලෝක සෞඛ්‍යය සංවිධානය නිදි.

වගකිවයුතු සෞඛ්‍ය අංශ, රජය, නිදි.

මේව තමා ධන නිධාන.

 මැණික් හම්බවෙන පතලයක් වහල දාන්නෙ මොන ගොනාද ?

බොලාව ලෙඩ කරලා තියන එක

ගොඩක් දෙනෙකුට ලොකු බිස්නස් එකක්.

බොලා නිරෝගීව සිටීම පමනක් මේ ක්‍රමයට එරෙහි කැරැල්ලක්.

අවදිවෙයල්ලා.

Discaimer.- සමාජ මාධ්‍ය ජාල හරහා වෛද්‍ය උපදෙස් ලබාදිය නොහැක. ඔබේ සාමාන්‍ය දැනීම සඳහා පමණි.

wannaku(සටහන | Dr Janaka Wannaku)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්