දිනපතා කිසියම් ව්‍යායාමයක නිරත වීම අප ගේ ශරීර සෞඛ්‍යයට, විශේෂයෙන් ම හෘද සෞඛ්‍යයට ඉතාම වැදගත් යැයි හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජේසිංහ පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ Professor Namal Wijesinghe youtube තුළ කළ අදහස් දැක්වීමක දී ය.
එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා පැවසුවේ දිනපතා: ඇවිදීම, පිහිනීම හෝ කිසියම් ක්‍රීඩාවක නිරත වීම මෙන් ම කිසියම් බර ප්‍රමාණයක් (බර එසවීම නොවේ) භාවිත කිරීමෙන් මාංස පේශී ශක්තිමත් කර ගැනිම ද හෘද සෞඛ්‍යයට ඉතා ම වැදගත් බවයි.








