leader s

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි.

එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය තුලිනි.

ඊට අමතරව අප සිදු කරන ක්‍රියාකාරකම්, එනම් ඇවිදීම, සිටගෙන සිටීම, කතා කිරීම, ආහාර ගැනීම, නිදා ගැනීම වැනි සෑම ක්‍රියාවක්ම සිදු වන්නේද මොළයේ පාලනයට යටත්වයි. මොළයේ නිසි ක්‍රියාකාරිත්වයක් නොමැතිව අපට ජීවත් විය නොහැක; මන්ද අප කරන, දැනෙන සහ දකින සෑම දෙයකටම එය මූලික වන බැවිනි.

මොළය මිනිස් සිරුරේ වැදගත්ම ඉන්ද්‍රියය ලෙස තර්ක කළ හැකිය. එය මිනිසුන් සිදු කරනා ක්‍රියාවන් සහ ප්‍රතික්‍රියා පාලනය කර සම්බන්ධීකරණය කරයි, අපට සිතීමට සහ දැනීමට ඉඩ සලසයි, අපට මතකයන් සහ හැඟීම් ඇති කර ගැනීමට හැකියාව ලබා දෙයි. වෙනත් අයුරකින් කියනවා නම් අපව මිනිසුන් බවට පත් කරන සියලු දේ කරන්නේ මොළයේ ක්‍රියාකාරිත්වය අනුවයි.

මිනිස් මොළයේ සෞඛ්‍ය සම්පන්න බව රැක ගැනීම සඳහා අප කළ යුතු දේවල් දැන ගෙන සිටීමත් ඒවා ක්‍රියාත්මක කිරීමත්, වියපත් වී මිය යන තුරු අන් අයට බරක් නොවී යහපත් කායික සහ මානසික තත්වයකින් හොඳ සිහි කල්පනාවෙන් ජීවත් වීමට උපකාරී වේ.

මේ තරම් වටිනා සහ වැදගත් වන ඉන්ද්‍රියය පරෙස්සම් කර ගන්නේ කෙසේද කියා බලමු.

නිවැරදි ජීවන රටාව සහ නිසි දෛනික පුරුදු:

 

Brain exercise concept. Model brain with two dumbbells on the table.
*සිරුරට අවශ්‍ය තරමට ව්‍යායාම කිරීම – ශාරීරික ක්‍රියාකාරකම් මොළයේ සෞඛ්‍යය වැඩි දියුණු කරන අතර ආඝාතය, හෘද රෝග සහ මතක ශක්තිය අඩු වීමේ අවදානම අඩු කිරීමට උපකාරී වේ.

*පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීම – කොළ පැහැති එළවළු, පළතුරු, ධාන්‍ය වර්ග සහ මාළු බහුල ආහාර වේල් තුලින් මොළයේ සෞඛ්‍යයට යහපත් බලපෑමක් ඇති කරයි. සෞඛ්‍යයට හිතකර මේද සහ මේදය අඩු කිරි නිෂ්පාදන වඩා සුදුසු වන අතර, සැකසූ ආහාර, ලුණු සහ සංතෘප්ත මේද හැකිතාක් දුරට සීමා කළ යුතුය.

*මානසිකව සහ සමාජීය වශයෙන් ක්‍රියාශීලීව සිටීම – මානසික උත්තේජනයන් ලබා දෙන ක්‍රියාකාරකම්වල යෙදීම සහ අන් අය සමඟ සම්බන්ධ වීම මොළයේ සුවතාවය සහ ස්නායුවල ක්‍රියාකාරිත්වය මැනවින් පවත්වා ගත හැකිය.

*මොළයේ නිසි ක්‍රියාකාරිත්වය සඳහා ඉතා වැදගත් වන අවම වශයෙන් පැය 7ක හෝ සුවබර නින්දක් ලබා ගැනීම.

*දුම්පානය මොළයේ මනා ක්‍රියාකාරිත්වයට ඉතාම හානිකරයි. එනිසා දුම්පානයෙන් සම්පූර්ණයෙන් ඈත් වෙන්න.

*මානසික ආතතිය, විශාදය වැනි මානසික ව්‍යාකූලතා මොළයේ ක්‍රියාකාරිත්වයට සෘණාත්මකව බලපාන බැවින් ඔබේ මානසික සුවය පිළිබඳව සැලකිලිමත් වන්න. යම් මානසික පසුබෑමක් නොසන්සුන් බවක් තිබේ නම් එයට පිළියම් යෙදිය යුතුයි.

*ඔබේ ශ්‍රවනය කිරීමේ හැකියාව පිළිබඳව ද අවබෝධයෙන් සිටින්න. එහි යම් අඩු වීමක් තිබේ නම් එයට ශ්‍රවනාධාර උපකරණයක් ලබා ගැනීම, වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට යොමු වන්න.

*මෝටර් සයිකල්, පා පැදි වල ගමන් කිරීමේදී සහ හිසට හානියක් සිදුවිය හැකි ක්‍රීඩාවලදී හෙල්මට් හෝ හිස හොඳින් ආවරණය වන ආරක්ෂිත හිස් වැසුමක් පළඳින්න.

Teenage girl enjoying reading a book on windowsill. Sunny summer day.Shot with Canon R5

*ප්‍රහේලිකා පිරවීම, චෙස් හෝ එවැනි මනස හොඳින් වෙහෙස කළ යුතු ක්‍රීඩාවල නිරත වීම, අලුත් විෂයයක් ඉගෙන ගැනීම, පොත් කියවීම, සංගීත භාණ්ඩයක් වැයීමට ඉගෙන ගැනීම, අලුත් භාෂාවක් ඉගෙනීම වැනි මොළයට අභියෝගයක් වන ක්‍රියාකාරකම් වල යෙදෙන්න.

*මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත් වෙන්න.

*අධි රුධිර පීඩනය, රුධිරයේ වැඩි කොලෙස්ටරෝල් සාන්ද්‍රණයක් තිබීම, දියවැඩියාව වැනි රෝග හොඳින් පාලනය කර ගැනීමද වැදගත්.


ඉතින් ඔබත් ඔබේ සිරුරේ වටිනාම අවයවයක් වන මොළය නිරෝගීව තබා ගැනීමට කල්පනාකාරීව ක්‍රියාත්මක වන්න.

සටහන – යමුනා සරෝජනී ගුණවර්ධන

Namal Wijesinghe Prof
(සටහන | වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ)
හෘදවේද විශේෂඥ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

උපුටා ගැනීම -  vinivida.lk

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්