leader s

වයස 13-14 ළමයින්ගෙන් 12%ක් අධිබරින්; පැණි බීම සහ ජන්ක් ෆුඩ්වලට වැට බඳින අලුත්ම චක්‍රලේඛය මෙන්න


ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතර බෝ නොවන රෝග (NCDs), අධිබර සහ ස්ථූලතාවය සීඝ්‍රයෙන් ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇති ආක්‍රමණශීලී "කෙටි කෑම" (Short Eats) සහ පැණි බීම සංස්කෘතිය පාලනය කිරීම සඳහා පාසල් ආපනශාලා තුළ දැඩි නීති සහ තහනමක් පැනවීමට සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ ඒකාබද්ධව පියවර ගෙන තිබේ.

2026 ජාතික පෝෂණ මාසය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය විසින් පවත්වන ලද විශේෂ විමර්ශනයකදී මේ බව අනාවරණය වී ඇත.

 

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ගෝලීය පාදක පාසල් සෞඛ්‍ය සමීක්ෂණයට අනුව, වයස අවුරුදු 13-14 අතර පසුවන මෙරට පාසල් දරුවන්ගෙන් 12%ක් අධිබරින් (Overweight) සහ 3%ක් ස්ථූලතාවයෙන් (Obesity) පෙළෙති. මීට අමතරව, දරුවන්ගේ දෛනික ආහාර රටාව වස විසෙන් පිරී ඇති ආකාරය දත්ත මඟින් පැහැදිලි වේ:


17.4%ක් දරුවන් දිනපතා කාබනීකෘත පැණි බීම පානය කරති.

28.5%ක් දරුවන් අධික ලුණු සහ තෙල් සහිත ආහාරවලට ඇබ්බැහි වී ඇත.

41%ක් දරුවන් දිනකට එක් වරක් හෝ ඊට වැඩි වාර ගණනක් අහිතකර සීනි සහිත කෑම වර්ග පරිභෝජනය කරති.


විසඳුම: "කෙටි ආහාර ගැන නැවත සිතමු"

මෙවර ජාතික පෝෂණ මාසයේ ප්‍රධාන තේමාව වී ඇත්තේ "කෙටි ආහාර ගැන නැවත සිතමු" යන්නයි. නිවසේ සාදන ගුණදායී ආහාර වෙනුවට වෙළෙඳපොළේ ඇති, පෝෂණ ගුණයෙන් තොර, අධි කැලරි සහිත අති-සැකසූ (Ultra-processed) ආහාර දෛනිකව ගැනීම නිසා වැඩිහිටියන් මෙන්ම දරුවන් ද දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ පිළිකා වැනි මාරක රෝගවල ගොදුරක් බවට පත්වෙමින් සිටී.


ජූනි 22 වැනිදා සිට ක්‍රියාත්මක වන නව මාර්ගෝපදේශ

පසුගිය පෙබරවාරි මාසයේදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද විශේෂ චක්‍රලේඛයට අනුකූලව සකස් කළ "සෞඛ්‍යමත් පාසල් ආපනශාලා මාර්ගෝපදේශය" එළැඹෙන ජූනි 22 වැනිදා කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් එළිදැක්වේ.

මේ යටතේ දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර ආහාර වර්ග පාසල් කැන්ටිම් තුළ විකිණීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, ඒ වෙනුවට ස්වභාවික හා දේශීය කෙටි ආහාර විකල්ප හඳුන්වා දීමට කටයුතු යොදා ඇත.

දරුවන් සඳහා පාසල් ආපනශාලා තුළ අලෙවි කළ හැකි සහ නොහැකි ආහාර ලැයිස්තුව පහතින්,

dffgdgerter

 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්