*සාම්ප්‍රදායික 'ෂුගර් ඩැඩී' සංකල්පය වෙනුවට ආර්ථික ස්ථාවරත්වය සහ සමානත්වය මුල් කරගත් විවෘත සම්බන්ධතා කරලියට
*හංගන්නේ නැතිව අවශ්‍යතා මුලින්ම කියන ප්‍රේම සංස්කෘතියක් බටහිර ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙයි
ප්‍රේම සබඳතාවලදී මුදල් සහ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව විවෘතව කතා කිරීම කලක් තිස්සේ සමාජය තුළ සලකනු ලැබුවේ යම් ආකාරයක අශෝභන හෝ තහනම් මාතෘකාවක් ලෙසයි. එහෙත් වර්තමාන ගෝලීය සමාජ හා ආර්ථික පරිවර්තනය හමුවේ බටහිර ලෝකයේ තරුණ පරම්පරාව එම සාම්ප්‍රදායික රාමුවෙන් මිදී සබඳතාවල මූල්‍ය අපේක්ෂාවන් විවෘතව සාකච්ඡා කිරීමට පටන් ගෙන තිබේ. කලක් ‘ෂුගර් බේබි’ (Sugar Baby) හෙවත් ධනවත් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගැනීමේ පදනම මත ගොඩනැඟුණු ගනුදෙනුමය සබඳතා, වර්තමානයේ ස්වයංපෝෂිත සහ වෘත්තීයමය වශයෙන් සාර්ථක කාන්තාවන් විසින් නව මුහුණුවරකින් අර්ථකථනය කරමින් සිටී.
සැඟවුණු න්‍යායපත්‍රවලින් තොර විවෘත ප්‍රවේශය
නිව්යෝර්ක් පෝස්ට් (New York Post) වාර්තාවකට අනුව, සාර්ථක නිරූපණ ශිල්පිනියක මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන ජෙසිකා එස්. වැනි කාන්තාවන් පවසන්නේ සාම්ප්‍රදායික ඩේටින් ක්‍රමවේද තුළ කාලය නාස්ති කරනවාට වඩා, තමන්ගේ මට්ටමට ගැළපෙන සහ ආර්ථික සුරක්ෂිතතාව ලබාදිය හැකි සහකරුවන් විවෘතව සෙවීම වඩාත් ප්‍රායෝගික බවයි.

"මිනිස්සු තමන් කවුද සහ තමන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියන එක ගැන අවංක වෙනකොට ඩේටින් කියන්නේ වඩා හොඳ අත්දැකීමක්," යැයි ජෙසිකා පවසයි. "තමන්ගේ අපේක්ෂාවන් මුල සිටම පැහැදිලි කිරීමෙන් දෙපාර්ශවයේම කාලය ඉතිරි වෙනවා වගේම විශ්වාසය සහ සත්‍යවාදීභාවය මත ශක්තිමත් බැඳීම් ගොඩනඟා ගැනීමට ඉඩ ලැබෙනවා."
මෙම නව ප්‍රවණතාව හුදෙක් මුදල් පසුපස හඹායාමක් නොවන බව පෙන්වා දෙන කාන්තාවන්, තමන් ආර්ථික වශයෙන් ස්වාධීන වුවද, තමන් හා සමාන ආර්ථික මට්ටමක් සහ ජීවන රටාවක් පවත්වාගෙන යා හැකි සහකරුවෙකු අපේක්ෂා කිරීම යුක්තිසහගත බව පෙන්වා දෙයි.
සම්බන්ධතා ආර්ථික විද්‍යාව සහ සමාජ විපර්යාසය
නිව්යෝර්ක්හි ප්‍රකට දික්කසාද නීතිඥ ජේම්ස් සෙක්ස්ටන් පෙන්වා දෙන්නේ වර්තමානයේ සිදුවන්නේ අලුත් දෙයක් නොව, පැරණි සමාජ සම්ප්‍රදායන් වඩාත් විවෘතව එළිදැක්වීමක් පමණක් බවයි. "සියලුම සබඳතා යනු එක්තරා ආකාරයක ආර්ථිකයක්. ආර්ථිකයක් කියන්නේ වටිනාකම් හුවමාරුවක්," යැයි ඔහු සඳහන් කරයි. "මෙහි ඇති වෙනස මුදල් හදිසියේ වැදගත් වීම නොවෙයි, ඒ පිළිබඳව විවෘතව කතා කිරීමට මිනිසුන් දැන් පසුබට නොවීමයි."

ධනවතුන් වෙනුවෙන් සබඳතා ගොඩනැඟීමේ උපදේශකයෙකු වන ඩෲ හෙන්රි පවසන්නේ, පළමු හමුවීමට පෙරම බිල්පත් ගෙවීම හෝ ජීවන රටාව පිළිබඳ විවෘතව විමසීම දැන් සුලබ වෙමින් පවතින බවයි. සබඳතාවකින් තමන් අපේක්ෂා කරන්නේ කුමක්දැයි පැහැදිලිව ප්‍රකාශ කිරීමෙන් අනවශ්‍ය ගැටලු රැසක් මඟහැරෙන බව ඔහුගේ අදහසයි.
ඩිජිටල් වේදිකාවල නව මුහුණුවර

2006 වසරේදී 'Seeking Arrangement' නමින් ආරම්භ වූ ප්‍රකට වෙබ් අඩවිය පවා මේ වන විට 'Seeking.com' ලෙස ප්‍රතිවෙළඳනාමකරණය වී ඇත්තේ මෙම සමාජ වෙනසට අනුගත වෙමිනි. එහි ආරම්භක සහ සම-ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැන්ඩන් වේඩ් සහ ඔහුගේ බිරිඳ වන ඩනා රෝස්වෙල් පවසන්නේ, සමාජය දැන් සබඳතාවල මූල්‍ය යථාර්ථය සහ විනිවිදභාවය නිවැරදිව තේරුම් ගනිමින් සිටින බවයි.
"තමන්ව රැකබලා ගත හැකි සහකරුවෙකු සෙවීම නිසා කාන්තාවන් වැරදි ලෙස ලේබල් ගැසීමට ලක්වුණා. නමුත් අවශ්‍යතා විවෘතව ප්‍රකාශ කිරීමේ කිසිදු වරදක් නැහැ," යනුවෙන් රෝස්වෙල් සඳහන් කරයි.
ලොව පුරා ජීවන වියදම ඉහළ යාම, ආර්ථික පීඩනය සහ සාම්ප්‍රදායික පවුල් වටිනාකම් කෙරෙහි පවතින සමාජ ආකල්ප වෙනස් වීම හමුවේ, ප්‍රේමය තුළ ආර්ථික සුරක්ෂිතතාව පිළිබඳ සාකච්ඡාව තවදුරටත් රහසක් නොවන තැනට පත්ව තිබේ.
මුලාශ්‍රය :
EXCLUSIVE New York Post: Financially independent women are redefining transactional dating








