leader s

වසර හතරක් තුළ රෝගීන් ලක්ෂයකින් ඉහළට; මුළු ගණන ලක්ෂ 6 ඉක්මවයි

 

රෝග ලක්ෂණ නොපෙන්වීම නිසා පරීක්ෂණ මඟහරින පිරිස වැඩියි – විශේෂඥයින්ගෙන් හෙළිදරව්වක්


එක්සත් රාජධානිය තුළ පුරස්ථි ග්‍රන්ථි පිළිකා (Prostate Cancer) ආසාදිත පිරිමින්ගේ සංඛ්‍යාව පෙර නොවූ විරූ මට්ටමකින් ඉහළ යමින් පවතින බව එරට පිළිකා පිළිබඳ ප්‍රමුඛතම පුණ්‍යායතනයක් වන 'මැක්මිලන් කැන්සර් සපෝර්ට්' (Macmillan Cancer Support) ආයතනය අනතුරු අඟවයි. ඔවුන්ගේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, වසරකට එරටින් වාර්තා වන නව රෝගීන් සංඛ්‍යාව 68,000 ඉක්මවන අතර, එය සෑම විනාඩි අටකට වරක්ම එක් අයෙකු බැගින් රෝගයට ගොදුරු වීමට සමාන තත්ත්වයකි.

2020 වසරේදී එරට පුරස්ථි පිළිකා සහිතව ජීවත් වූ පිරිමින්ගේ සංඛ්‍යාව ලක්ෂ පහක් පමණ වූ අතර, මේ වන විට එම අගය ලක්ෂ හය දක්වා ලක්ෂයකින් (100,000 කින්) ඉහළ ගොස් ඇත. වර්තමානයේ එක්සත් රාජධානියේ පිරිමින් අතර බහුලවම හඳුනාගන්නා පිළිකා වර්ගය බවට ද මෙය පත්ව තිබේ.

රෝග ලක්ෂණ නොපෙන්වීම සහ මිථ්‍යා මතවලින් එල්ල වන බාධා

 

n7pitro
මෙම රෝගී තත්ත්වය වර්ධනය වීමේදී මුල් අවධියේ කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකිරීම හේතුවෙන් පරීක්ෂණ සඳහා යොමුවීමට බොහෝ දෙනෙකු මැළිකමක් දක්වන බව විශේෂඥයෝ පෙන්වා දෙති. තමන් නිරෝගීව සිටින බව හැඟීම හේතුවෙන් පිළිකාවක් නොමැති බවට ඇති කරගන්නා වැරදි මතය මීට ප්‍රධාන හේතුවක් වී ඇත.

මැක්මිලන් කැන්සර් සපෝර්ට් ආයතනයේ ප්‍රධාන වෛද්‍ය උපදේශක වෛද්‍ය ඇන්තනි කන්ලිෆ් (Dr. Anthony Cunliffe) සඳහන් කරන්නේ, පුරස්ථි පිළිකාව මුල් අවධියේදී පැහැදිලි රෝග ලක්ෂණ රහිතව වර්ධනය විය හැකි බවයි. බොහෝවිට මුත්‍රා මාර්ගයට පීඩනයක් එල්ල වන තරමට පිළිකාව වර්ධනය වන තුරු වසර ගණනාවක් යනතුරුත් රෝග ලක්ෂණ මතුවන්නේ නැත.

අවදානම් කාණ්ඩ සහ පරීක්ෂණ ක්‍රමවේද

 

f4yb6y3567

වයස අවුරුදු 50 ඉක්මවූ පිරිමින් මෙන්ම, පවුලේ කාට හෝ පුරස්ථි පිළිකා ඉතිහාසයක් ඇති පුද්ගලයින් සහ කළු ජාතික පිරිමින් මේ සඳහා වඩාත් අවදානම් කාණ්ඩ ලෙස සැලකේ. සාමාන්‍යයෙන් රුධිර පරීක්ෂාවක් වන PSA (Prostate-Specific Antigen) පරීක්ෂණය මඟින් මෙම තත්ත්වය හඳුනා ගැනීමට මුල් පියවර තබනු ලැබේ.

එක්සත් රාජධානියේ ජාතික පරීක්ෂණ කමිටුව (UK National Screening Committee) සියලුම පිරිමින් එකවර PSA පරීක්ෂාවට ලක් කිරීම නිර්දේශ නොකරන අතර, ඒ වෙනුවට ජානමය විකෘතිතා සහිත ඉහළ අවදානමක් ඇති පුද්ගලයින් සහ අවදානම් කාණ්ඩ ඉලක්ක කර විශේෂිත පරීක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.


ජනගහනය වයස්ගත වීම සහ ජනගහන වර්ධනය මෙම රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන සාධකයක් වී ඇති අතර, සැකයක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ වැදගත්කම සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.


වැඩිදුර තොරතුරු සඳහා:

Sky News: One man diagnosed with prostate cancer in the UK 'every eight minutes'

Macmillan Cancer Support: Prostate cancer information and support

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්