# මම 71 කැරැල්ලේ දෙවෙනි, තුන්වෙනි පෙළ නායකයෙක්. 


# ඒත් අද මම ජනතා විමුක්ති පෙරමුණට සහය දෙන්නේ නෑ; ජාතික ප්‍රශ්නයට ජවිපෙ ස්ථාවරය පිළිගන්න බෑ. 


# ප්‍රේමදාස පාලන කාලේ භීෂණ සමයේ මහින්ද රාජපක්ෂට ජිනීවා යන්න පහසුකම් සැලසුවේ අපි.


# ශ්‍රී ලංකාවට ෆෙඩරල් පාලන ක්‍රමය හඳුන්වා දෙන්න කියල මහින්ද රාජපක්ෂ ජිනීවා නුවරදී මට යෝජනා කළා. 



චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ කැබිනට් අමාත්‍ය පදවියක් සහ පසුව අගමැති පදවිය හොබවමින් සිටියදී මහින්ද රාජපක්ෂ ජාතික ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් ෆෙඩරල් ක්‍රමයේ බලය විමධ්‍යගත කිරීමකට පක්ෂව කටයුතු කළ කලක් ඔහුගේ සමීප සගයෙකු වූ සමාජ ක්‍රියාධරයෙක් පවසයි.

ආර් ප්‍රේමදාස පාලනය සමයේ ශ්‍රී ලංකාවේ සිදු වූ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම සඳහා මහින්ද රාජපක්ෂගේ ජිනීවා සංචාරයට පහසුකම් සැලසූ කණ්ඩායමේ සාමාජිකයෙකු වන රංජිත් හේනායක ආරච්චි පවසන්නේ, ශ්‍රී ලංකාවට ෆෙඩරල් ක්‍රමය හඳුන්වා දෙන මෙන් මහින්ද රාජපක්ෂ ඒ අවස්ථාවේ තමන්ට යෝජනා කළ බවය.

"ඊට පස්සේ යුරෝපා රටවල තිබෙන ෆෙඩරල් පාලන ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වල දෙන්න කියල එවකට කැබිනට් ඇමතිවරයෙකුව සිටි මහින්ද 1998 දිත් මගෙන් ඉල්ලුවා."

පසුව මහින්ද රාජපක්ෂ අගමැති පදවිය හෙබැවූ සමයේ රංජිත් ඇතුළු පිරිස ෆෙඩරල් පාලනය පිළිබඳව කොළඹ දී ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් ද සංවිධානය කළහ.

 බර්ලින් නුවර වෙසෙන මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන රංජිත් හේනායක ආරච්චි ඒ බව කියා සිටියේ, 'Sandeshaya by Saroj' යූටියුබ් නාලිකාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරෝජ් පතිරණ සමග අදහස් දක්වමිනි.



71 කැරැල්ලේ නායකයෙක්


71 කැරැල්ලේ දෙවෙනි පෙළ නායකයෙකු වූ ඔහු, රෝහණ විජේවීර බේරාගැනීම පිණිස යාපනය බන්ධනාගාරයට පහර දුන් කණ්ඩායමේ නායකයාය. කැරැල්ලට සම්බන්ධ වීම හේතුවෙන් වසර හතක් සිරබත් කෑ ඔහු, පසුව ශ්‍රී ලංකාවෙන් පලා යන්නේ එවක ආණ්ඩුවෙන් පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණෙන් ද එල්ල වූ ජීවිත තර්ජන හේතුවෙනි.



රටින් පලා යාමට ප්‍රථම ඔහුට වසරක් මුළුල්ලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නොහොත් "4 වෙනි තට්ටුවේ" දී වද බන්ධනවලට ලක්වීමට ද සිදුවිය.

ඒ, ඔහු බන්ධනාගාරයේ දී රෝහණ විජේවීර සමග මතවාදීමය ගැටුමක් ඇතිකරගැනීමෙන් අනතුරුවය.

71 කැරැල්ලේ ප්‍රධාන පෙළේ නායකයෙකු වූ ඔහු දැන් පවසන්නේ, වර්තමානයේ අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති පෙරමුණට තමන්ගේ සහය නොලැබෙන බවය.

"මම විශ්වාස කරන්නේ ලංකාවේ ජාතික ප්‍රශ්නය මේ සියල්ලම යටකරගෙන තියන ප්‍රධානම ප්‍රශ්නය. මොනම රටකවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ඇතිවෙන්න බෑ රටේ එක කොටසක් යටපත් කරගෙන."

ජාතික ප්‍රශ්නය සහ නීතියේ ආධිපත්‍යය වැනි කරුණු සම්බන්ධයෙන් වත්මන් ජනතා විමුක්ති පෙරමුණට නිසි දැක්මක් නොමැති බව ඔහුගේ අදහසය.


යුද්ධයේ තුවාල: 'චම්පික රණවක වැරදියි'



මීට දින කිහිපයකට ඉහතදී 'සරෝජ් සමග සංදේශය' නාලිකාව සමග අදහස් දක්වමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ, දශක දෙකක සිවිල් යුද සමයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් කිසිවෙකුට දඩුවම් දීමේ හැකියාවක් නොමැති අතර, දැන් සිදු වූ සියල්ල අමතක කොට රට ඉදිරියට යා යුතු බවය.

එහෙත් මානව හිමිකම් ක්‍රියාධර රංජිත් හේනායක ආරච්චි එයට දැඩි විරෝධය පළ කරයි.

ඔහු පවසන්නේ, සිවිල් යුද සමයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් අඩුම තරමින් සමාව ඉල්ලා සිටිය යුතු බවය.



දෙවෙනි ලෝක යුද්ධයේ දී නට්සිවාදීන් කළ අපරාධ සම්බන්ධයෙන් ජර්මානු සමාජය කලක් නිහඬව සිටි නමුත්, 1968 දී ශිෂ්‍ය බලවේගය විසින් ඇතැම් විට සිය දෙමාපියන්ට හෝ දෙමාපියන්ගේ පියවරුන්ට එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු පවරමින් දැවැන්ත ක්‍රියාමාර්ගයක් දියත් කළ බව ඔහු පෙන්වා දුන්නේය. ඔහු පවසන්නේ, මේ වනතුරුම එම ක්‍රියාදාමය දියත්ව පවතින බවය.




"වයස 95 අයත් අද උසාවිය ඉදිරියට ගේනවා. දඬුවමට නෙමෙයි. නීතිය මත සාධාරණත්වයක් වින්දිතයට තියෙනව කියන එක සමාජයට සහතික කරන්න ඕන නිසා."  

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් දේශපාලන අර්බුදයට පිළියම් යෙදීමේ අරමුණින් රංජිත් හේනායක ආරච්චි ඇතුළු පිරිසක් නව පුළුල් මහජන ව්‍යාපාරයක් දියත් කිරීමේ උත්සාහයක නිරතව සිටිති.
 
 
 

 
 
 
මේ මාසෙත් ඩොලර් නැහැ මේකත් විකුණමු ! | මොණරවිලගේ ලියමන
 

 
මහින්දගේ පඩි සල්ලි පිල්ලි ගැසූ ලේකම්ට වෙච්ච දේ! | Gossip
 
 
නිවනට කතා කොට ගිනි තියන එවුන් ! | මොණරවිලගේ ලියමන

 
මහින්දගේ වැඩේ රනිල්ට බාරදෙයි! රනිල්ගෙන් කොන්දේසියක්!! | Gossip
 
   
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්