ශ්‍රී ලංකාව හමුදාකරණයට ලක් කරමින් සිටින බවට දේශීය හා විදේශිය වශයෙන් දැඩි දෝෂ දර්ශනයට ලක්ව සිටින වත්මන් ආණ්ඩුව බන්ධනාගාර කටයුතු සදහා හිටපු හමුදා සාමාජිකයන්ගෙන් සැදුම්ලත් බලකායක්

යොදවා තිබේ.

සඳහා අලුතින් පිහිටවූ ‘ශ්‍රී ලංකා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය (SPEAT Force) ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් වු සාමාජිකයන් බදවා ගත් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

බන්ධනාගාරවල දූෂණ හා විෂමාචාර වැළැක්වීමට සහ එවැනි ගැටළු වඩාත් විනිවිදභාවයකින් පාලනය කිරීම එම බලකායේ අරමුණ බව වෙත ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පවසා තිබුනේ, ජනවාරි 26 වැනිදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ විශෝධන පිළිබඳ පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ පැවති ‘SPEAT Force’ ප්‍රථම විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙමිනි.

"මෙම බලකාය වෙත සේවා මුක්ත භටයින් 500 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බවත්, පළමු අදියර යටතේ බඳවාගනු ලැබූ 194 දෙනා අද දින විසිර යන බවත්, උත්සව සභාව ඇමතූ ප්‍රධාන ආරාධිත අමුත්තා පවසා සිටියේය. තවද ත්‍රිවිධ හමුදාවන්ගෙන් නීත්‍යානුකූලව ඉවත්වූ නොකැළැල් සේවාවක් ඇති සේවා මුක්ත භඨයින්ගෙන් මෙම බලකාය සමන්විත වන බවත් ඔහු පවසා සිටියේය," යි ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වාර්තා කර තිබේ.



රාජ්‍ය සේවය සඳහා හිටපු හමුදා නිලධාරීන් බඳවා ගැනීමේදී අනුගමනය කරන බවට ආණ්ඩුව සහතික වී ඇති මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ පුර්ව සෝදිසිය මෙහිදී සිදු කෙරුනේ කෙසේදැයි පැහැදිලි නැත.



සුරක්‍ෂිත රටක්, විනයගරුක, ගුණගරුක සහ නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ලෙස කටයුතු කරන්නේ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නය.

ඔහු එහිදී වැඩි දුරටත් පවසා ඇත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තු ක්‍රියා පටිපාටියෙහි නව පෙරළියක් සිදුකරමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රමුඛ වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සුරක්‍ෂිත රටක්, විනයගරුක, ගුණගරුක සහ නීතිගරුක සමාජයක් බිහිකිරීමේ උදාරතර අරමුණින් යුතුව බන්ධනාගාර සිදුවන සියලුම දූෂණ හා විෂමාචාරයන් වඩාත් විනිවිදභාවයකින් පාලනය කිරීමේ අරමුණින් බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානය කර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය පිහිටුවන ලද බවයි.

 ‘SPEAT Force’ වෙත නව සාමාජිකයන් 194ක් අන්තර්ග්‍රහණය කරගැනීම සඳහා සංවිධානය කර තිබූ විසිර යාමේ පෙළපාලියේදී ආරක්‍ෂක ලේකම්වරයා වෙත සම්මාන ආචාර මුරයක් ද පුද කර තිබේ.

 සහජ විනය, ධෛර්යය සහ කැපවීම සහිත  සියලු දෙනා නිසි පුහුණුව ලබා ඇති බැවින් බන්ධනාගාර රැඳවියන් සමඟ කටයුතු කිරීමේදී ස්වයං විනයක් ඇතිව මානුෂීය ප්‍රවේශයකින් තමන්ගේ රාජකාරිය ඉටුකරන ලෙස ද ආරක්ෂක ලේකම්වරයා එහිදී ඉල්ලා තිබේ.

 ජාතික බුද්ධි ප්‍රධානි මේජර් ජෙනරල් රුවන් කුලතුංග (විශ්‍රාමික), බන්ධනාගාර කොමසාරිස් ජෙනරල් තුෂාර උපුල්දෙණිය, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරල් තුසිත උඩුවර, බන්ධනාගාර කොමසාරිස් (පරිපාලන, පුනරුත්ථාපන හා නිපුණතා සංවර්ධන) සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක, බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) සුනිල් කොඩිතුවක්කු, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත හා සංවර්ධන) මලින් ලියනගේ, බන්ධනාගාර (අධ්‍යක්‍ෂ - පුහුණු) සේනක පල්ලේතැන්න, SPEAT බලකායේ අණදෙන නිලධාරී සහකාර බන්ධනාගාර අධිකාරී ප්‍රසාද් ප්‍රේමතිලක, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ ආරාධිතයන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව තිබේ.

0164

1030

Leader Whats app


 
 

සර් දැන්මම බිම දාගත්තේ නැත්නම් චම්පිකත් ලොකු ඇණයක් වෙනවා.
 

 
  
තෙල් ඉතිරියට වල් තියරියක් ! |මොණරවිලගේ ලියමන


 
 
අගමැතිට ප්‍රතිකාර කළ සැග වූ දොස්තර ? | අද ගොසිප් එක
 


வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය