අතුරුදහන් කළ වුන්ගේ ඥාතීන් මගහැරීම සඳහා පෑල දොරින් පළා යාමෙන් වසර ගණනාවක් තිස්සේ ඇඬු කඳුලින්ම කල් ගත කළ අම්මාවරුන්ගේ මුවට සිනා නංවන්නට අධිකරණ ඇමැති වන්නියේදී සමත් වී තිබේ.


“අපේ දරුවන් උස්සාගෙන ගිය වීරයන්ගේ බියගුළු කම බලාපල්ලා,” යි මුලතිව් කච්චේරියේ ප්‍රධාන දොරටුව අසල විරෝධතාවේ යෙදී සිටි මව්වරුන් ඇමැති වාහනය පෙන්නමින් හිස අත් ගසමින් සිනාසෙනු එහි සිටි මාධ්‍යවේදීන් විසින් රූගත කර තිබේ.

“ලැජ්ජයි, ලැජ්ජයි” යනුවෙන් එක් මවක් හඬදුන් අතර තවත් කාන්තාවක් අසා සිටියේ “මෙතන කිසිම ආරක්ෂාවක් ඉන්න 50ක් විතර අපිට ආරක්ෂකයෝ වටකරගෙන ඉන්න ඇමැති ඔච්චර බයද?” යනුවෙනි.

sub23 1

අධිකරණ ඇමැති අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් 'යුක්තියට ප්‍රවේශයක්' නමින් උතුරු පළාතේ පැවැත්වෙන ජංගම සේවය සිකුරාදා [28]  පැවැත්වුනේ යුද්ධයෙන් වඩාත්ම පීඩාවට පත්වූවන් මෙන්ම වැඩිම හමුදා ගහනයක් ද සිටින මුලතිව් නගරයේදීය.

ඊට විරෝධය දැක්වූ යුද්ධය අවසන් කාලයේ රජයේ ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතින් කියා සිටියේ 'එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලය පෙබරවාරි මස අවසානයේදී රැස් වෙද්දී ජාත්‍යන්තර ප්‍රජාවත්, පිඩිත දෙමළ ජනයාත් රැවටීමට' අධිකරණය අමාත්‍යංශය මගින්  මෙම ජංගම සේවය පවත්වන බවයි.

 ජිනීවා සමුළුව ළඟ එද්දී අධිකරණ අමාත්‍යංශයේ විසින් දියත් කර ඇති මෙම ජංගම සේවයට උතුරට ආ පළමු දවසේ සිට දෙමළ ජනතා විරෝධය පළ විය.

මුලතිව් නගරයට ඇද හැලුණු ධාරාණිපාත වැසි නොතකා විරෝධතාවයේ යෙදුනු බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතින්ට මුහුණ නොදුන්  ඇමැතිවරයා ප්‍රමුඛ නිලධාරි කණ්ඩායමක් විරෝධතාව පැවති මුලතිව් කච්චේරියේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටතට නොගොස් විකල්ප මාර්ගයකින් කඩිනමින් පිටව ගිය බව ප්‍රදේශයේ මාධ්‍යවේදීහුද පවසති.

රජයේ ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් අතුරුදහන් කළවුවන්ගේ මව්වරුන් හමුවූ අධිකරණ අමාත්‍යංශ නිලධාරියකු ඉල්ලා සිටියේ ජංගම සේවයට පැමිණ අධිකරණ ඇමැති සමඟ සාකච්ජා කරන ලෙසය. 

 
''අපේ දරුවන්ට සිදු කළ දේට මේ ආණ්ඩුව වගකිව යුතුයි. ඒ ගැන ආණ්ඩුව උත්තර දෙන්න ඕනෑ. ඒකවත් නොකරන මේ ආණ්ඩුව ගැනවත්, අධිකරණය ගැනවත් අපිට විශ්වාසයක් නැහැ,'' යැයි මුලතිව් දිසා අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි මරියසුරේෂ් ඊශ්වරී එම නිලධාරියාට පැවසුවාය.

ඇය  කියා සිටින්නේ වසර 12 ක් පුරා තම දරුවන් හා ඥාතින් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට මෙතෙක් පැවති ආණ්ඩු අසමත්වූ බැවින් ඒ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින බවයි.

''මේ ජංගම සේවය කරන්නේ ලොකු වංචාවක්'' ඊශ්වරී වැඩි දුරටත් මාධ්‍යට කීවාය.

අධිකරණ අමාත්‍යංශය හා අතුරුදහන් කළ තැනැත්තන්ගේ කාර්යාලය ඒකාබද්ධව පවත්වන මෙම ජංගම සේවාවේ තවත් එක් සැසියක් කිලිනොච්චියේදී ජනවාරි 26 සහ 27 වැනිදා පැවැත්විණි.



received 306050478155930

ඒ හා සමගාමීව පැවති රුපියල් මිලියන 400 ක් වැය කරමින් ඉදි කර තිබු කිලිනොච්චි අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයකට සහභාගිවූ අධිකරණ ඇමැති අලි සබ්රි  කියා සිටියේ අතුරුදහන් කළවුන්ගේ ප්‍රශ්නයට තිත තබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තමන්ට නියෝග කර ඇති බවයි.


 


''අතුරුදහන් කළවුන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට වන්දි ලබා දෙමින්, අතුරුදහන් කළවුන්ට මරණ සහතික ලබා දෙමින් එම ගැටලුවට  විසදුම් ලබා දීමට තීරණය කර තිබෙනවා,'' යැයි  ඇමැති සබ්රි සඳහන් කළේය.
 
''කොමිෂන් සභා රැසක්‌ තියලා ඉල්ලීම් රාශියක්‌ ඉදිරිපත් කර තිබුනත් මේ වන තෙක්‌  විසඳුමක්‌ ලබා නොදී තිබියදී මේ අධිකරණ ඇමැතිවරයා අපට ලබා දීමට යන්නේ කුමන සාධාරණයක්‌ ද?'' යැයි අතුරුදන්කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ මුල්පෙළේ  ක්‍රියාකාරිනියක් වන යෝගරාසා කනගරංජිනී මෙසේ ප්‍රශ්න කර සිටියේ  කිලිනොච්චියේදී ඊයේ [28] පැවැත්වූ  මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

 

''අධිකරණ ඇමැති  උත්සාහ කරන්නේ  සත්‍යය සහ යුක්තිය සොයා යන අපේ  ගමන මොට කර තමන් සහ ආණ්ඩුව ආරක්ෂා කර ගන්න. එළැඹෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ආසන්නයේ මෙවැනි රැස්වීම් පවත්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පමණක් නොවේ විපතට පත් ජනතාව ද  මුළා කිරීමට'' යි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
 
 

Leader Whats app


 
 

කිරිබත් කන්න ලේස්ති වුනානං හොඳා ! | මොණරවිලගේ ලියමන
 

 
 
බබියත් සුං බබියගේ අම්මත් සුං ! | අද ගොසිප් එක
 

 
 
සර් දැන්මම බිම දාගත්තේ නැත්නම් චම්පිකත් ලොකු ඇණයක් වෙනවා.
 

 
   
வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්