වැඩකරන ජනතාවගේ ප්‍රමුඛ අයිතිවාසිකමක් මර්දනය කිරීමට රජයට කිසිදු අයිතියක් නැතැයි,  'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සභාපති, කරු ජයසුරිය අවධාරණය කර සිටියි.


හිටපු කතානායක කරු ජයසුරිය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එබව සඳහන් කර ඇත්තේ, අධිකරණ අමාත්‍යවරයා පසුගියදා සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.


අධිකරණ අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන හිටපු කතානායකවරයා, වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් මර්දනය කිරීමට සූදානම් වන අධිකාරීවාදී පාලකයන්ට එරෙහිව නැගී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 එමෙන්ම එවැනි උත්සහයන් සාධාරණීකරණය කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ගයන් හි නිරත වන ඊනීයා සංවිධාන හා ඒවායේ කුමන්ත්‍රණකාරී පිළිවෙත රටට හෙළිදරව් කරන ලෙසට ද ඔහු ඉල්ලා සිටියි.

හිටපු කතානායකවරයාගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ.


මාරක ප්‍රහාරයක් !


''වැඩ කරන ජනතාව සතු වර්ජනය කිරීම අයිතිය ශ්‍රී ලංකාවට අදාළව තහනම් කලයුතුය යන අදහසක් රටේ අධිකරණ අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කිරීම පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය බලවත් ලෙස අවධානය යොමු කරන්නෙමු.

අධිකරණ අමාත්‍යවරයාගේ එම අදහස වත්මන් රජයේ අදහස ද වන්නේ නම් එය සැලකිය යුත්තේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හා වැඩකරන ජනතාවගේ නිදහසට එල්ල කිරීමට සූදානම් වන මාරක ප්‍රහාරයක් ලෙසටය.

රජය තුළ එවැනි සූදානමක් වෙත්නම් ඇතිවියහැකි අහිතකර ප්‍රතිවිපාක දෙස අවධානය යොමුකරවමින් හෝ එය හකුලා ගතයුතුව ඇතැයි යන්න අපගේ බලවත් අදහසය.



 වෘත්තීය සමිතියක අයිතිවාසිකම් යනු පිළිගත් මානව අයිතිවාසිකමක් ද වේ. එමෙන්ම එය වැඩකරන ජනතාව සතු අන්සතු කළ නොහැකි අයිතියක් වනවා පමණක් නොව සමාජයේ සාධාරණත්වය හා කල් පවත්නා සාමය උදෙසා ද බලවත් ලෙස ඉවහල් වන සාධකයක් ලෙසට ද එකී අයිතිවාසිකම් සැලකිය හැකිය.




එමෙන්ම වෘත්තීය සමිති අයිතිවාසිකම් මෙන්ම වගකීම් සහගත සමාජයක් පිළිබදව ද අපේක්ෂා කරන සංවිධානයක් ලෙස සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය, වෘත්තීය සමිති දේශපාලන පක්ෂයන්හි පටු අරමුණු උදෙසා ක්‍රියාකරන අතකොලු නොවිය යුතු බවද අවධාරණය කරනු කැමැත්තෙමු.

වැඩ කරන ජනතාව සතු වර්ජනය කිරීමේ අයිතිය පවා යුක්ති ගරුක ජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක්කරන ලද්දේ ද එවැනි දේශපාලන පටු අරමුණු මත පිහිටා කටයුතු කරන ලද ඊනියා ආයතන විසිනි.

එවැන්නන්ගේ කරමතින් බලයට පැමිණි පිරිසක් අද රටේ වැඩකරන ජනතාවගේ මූලික අයිතියක් වන වර්ජනය කිරීමේ අයිතිය මර්දනය කිරීමට සූදානම් වන්නේ නම් අප එය සලකන්නේ බරපතල සාපරාධි කුමන්ත්‍රණයක් ලෙසට ය. 

ඒ අනුව අප රටේ සමස්ත වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි උත්සහයන් පරාජය කිරීමට කොන්දේසි විරහිතව එක්සත් වන ලෙසටය. ''

Leader Whats app




සර් ගිලපු අලිසබ්‍රිගේ අලි ලනුව ! | අද ගොසිප් එක

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්