leader s

අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව ජනාධිපතිවරයාට හිතවත් නාහිමිවරුන් කිහිප නමක් විසින්ම පැසසුමට ලක්කර තිබේ.

අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට යළි රාජ්‍ය ඇමතිකමක් නොදෙන්නැයි ද උන්වහන්සේලා ජනාධිපතිවරයාගේ ඉල්ලා සිටිති.

ජනාධිපතිවරයා ගත් තීන්දුව අගය කරමින් 'රට රකින ජනහඬ' සංවිධානය විසින් නාරාහේන්පිට අභයාරාමයේ දී ඊයේ (04) මාධ්‍ය හමුවක් කැඳවා තිබු අතර එහිදී අදහස් දැක්වූ කොළඹ සරසවියේ කුලපති, පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ජනාධිපතිවරයා ගත් පියවර බෙහෙවින් අගය කරනු ලැබුහ.

දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අරුන්දික ප්‍රනාන්දු ගේ පුත්‍රයාට වඩා අරුන්දික ප්‍රනාන්දු සිය දහස් ගණනින් වැරදි කරන බව මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ පැවසුහ.

පුත්තලම දිස්ත්‍රික්කයේ තරම් අපරාධ, වැරදි, අකටයුතුකම් සිදු වන වෙනත් දිස්ත්‍රික්කයක් මේ ශ්‍රී ලංකාවේ නැතැයිද පැවසු උන්වහන්සේ, මෙම සියලු අකටයුතුකම්වල පුරෝගාමියා වන්නේ අරුන්දික ප්‍රනාන්දු බව අවධාරණය කර සිටියහ.

පුත්තලම් දිස්ත්‍රික්කයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ නමකට පසුගිය සතියේ පිහියෙන් ඇනීමක් සිදුව ඇති බවත් නමුත් එම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම අරුන්දික ප්‍රනාන්දු ගේ මැදිහත්වීමෙන් වලකා ඇති බව ද උන්වහන්සේ චෝදනා කළහ.

කොළඹ පැවති මෙම මාධ්‍ය හමුව රජයේ ඉහලම බලධාරියකුගේ මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කර තිබු බව වාර්තාවේ.



සිද්ධිය යටගැසීමේ සූදානමක් !




රාගම වෛද්‍ය පීඨයේ සිව්වන වසරේ සිසුවෙකු පැහැරගෙන යාමට අරුන්දික ප්‍රනාන්දු ගේ පුත්‍රයා ඇතුළු මැර පිරිසක් උත්සාහ කිරීම නිසා නේවාසිකාගාරය තුළ ගැටුම්කාරී තත්ත්වය නිර්මාණය වූ බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අනාවරණය කරයි.

මෙම ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ඊයේ (04) කරුණු පැහැදිලි කළේය.

මේ අතර ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කළේ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වීම තුළින් සිද්ධිය යටගැසීමේ සූදානමක් පවතින බවටය.

රාගම වෛද්‍ය සිසුන්ට පහරදීමේ සිදුවීමට විරෝධය පළ කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය , විශ්වවිද්‍යාලය ඉදිරිපිට පන්දම් රැගෙන පෙරේදා රාත්‍රියේ විරෝධතාවක නිරතවුණි.

 

Leader Whats app

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්