වෘත්තීයවේදී උපාධියට අදාල නිවැරදි වැටුප් පරිමාණය ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් වෘත්තීය සමිති 16කට අයත් සෞඛ්‍ය වෘත්තීයවේදීන් පෙබරවාරි 7 වැනි සදුදා උදෑසන හතේ සිට දිවයින පුරා

ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සුව විරු නායකත්වය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සෞඛ්‍ය වෘත්තීය සමිති අද පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බැවින් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ.

දෙවැනි දිනටත් වැඩ වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් අද දහවල් කොළඹ දී විරෝධතා පා ගමනක් ද දියත් කර තිබුනි.

කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලින් ආරම්භ කළ පා ගමන සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය දක්වා ගමන් කර එහිදී විරෝධතාවයක් දියත් කිරීමටත් ඔවුන් කටයුතු කළේය.

වර්ජනය හේතුවෙන් කොළඹ සහ මහනුවර ජාතික රෝහල්වල, ශික්ෂණ රෝහල් 24ක, මහරෝහල් 26 ක,  මූලික රෝහල් 46ක, දිසා රෝහල් 410ක සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 293ක හෙද සත්කාර සේවා, බාහිර රෝගී අංශවලින් ඖෂධ නිකුත් කිරීම, රසායනාගාර පරීක්ෂණ, විකිරණ පරීක්ෂණ සිදුකිරීම ඇතුළු සේවා රැසක් අදත් අඩාල වු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ද මෙම වර්ජනයට එක්ව සිටීම හේතුවෙන් ඩෙංගු මර්දන කටයුතු, කෝවිඩ් මර්දන කටයුතු සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සේවා කටයුතු ද ඇන හිට ඇති බව ඔවුහු වැඩි දුරටත් පවසති.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදීන්, විකිරණ විද්‍යා තාකෂණවේදීන්, හෘද පෙනහළු නිවේශක නිලධාරීන්, ඖෂධ සංයෝජක නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් කණ්ඩායම් 16ක, සියළු වෘත්තීයවේදීන් මෙම වර්ජනයට සහභාගී  වේ.



වැඩ වර්ජනයේ නිතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම් මෙසේය.



1. 2021 ජූලි මස 05 වැනි දින අමාත්‍ය මණ්ඩලය අනුමත කළ,

A.මාණ්ඩලික හිමිකම තහවුරු කිරීමට අදාලව, තනතුරු නම් කරන ලද චක්‍රලේඛය නිකුත් නොවීම.

B.වසර 12න් පළමු පන්තිය ලබන ශ්‍රේණි උසස්වීම් ක්‍රමයට අදාලව,
i.පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය වෘත්තීන්ට අදාලව චක්‍රලේඛ නිකුත් කිරීමට වන ප්‍රමාදය
ii.විෂමතා ඉවත් වන පරිදි 2010.11.01 දින දක්වා අදාල තීරණය පෙරදාතම කිරීම වෙනුවෙන් නැවත අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා ගැනීම.


2.ගුරු වැටුප් විෂමතාවය පමණක් ඉවත් කිරීම හේතුවෙන් ඇතිවූ සමාන්තර වැටුප් විෂමතාවය ඉවත් කිරීම, ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව උල්ලංඝණය නොවන අයුරින් වැටුප් ප්‍රතිපත්තිය පවත්වා ගැනීම හා රනුක්ගේ වැටුප් කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම.

3.අතිකාල රේට් අගය නිර්ණයේදී සියළු සෞඛ්‍ය වෘත්තීන් සඳහා මූලික වැටුපෙන් 1/80 ක් ලෙස ගණනය කිරීම සහ වසර 21 කින් යාවත්කාලීන නොවූ ඇමතුම් හා නිදර්ශක දීමනාව ඊට අනුකූල වනසේ යාවත්කාලීන කිරීම.

4.වෘත්තීයවේදී උපාධියට අදාල නිවැරදි වැටුප් පරිමාණය ස්ථාපිත කිරීම සහ ගැළපෙන තනතුරු/රැකියා අවස්ථා හිමිකර දීම.

5.සියළු සෞඛ්‍ය වෘත්තිකයන් නියෝජනය වන “සෞඛ්‍ය පරිපාලන සේවය“ ස්ථාපිත කිරීම.

6.විශේෂ රාජකාරී දීමනාව රු. 10,000/- ක් ලෙස ඉහල දැමීම.

7.සෞඛ්‍ය වෘත්තීයවේදී සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කිරීම. 

 
 

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්