leader s


ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමති නිමල් ලන්සා ට ආණ්ඩුවේ ම රාජ්‍ය අමාත්‍යවරයකු විසින් දුරකථනය ඔස්සේ තර්ජනය කරන ආකාරය දැක්වෙන හඬපටයක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ

සංසරණය වෙමින් තිබේ.




රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පසුගිය 15 අඟහරුවාදා සිය පෞද්ගලික බඩු බාහිරාදිය හා කාර්ය මණ්ඩලය අමාත්‍යංශයෙන් ඉවත්කර ගත් අතර මේවනවිට අමාත්‍යංශයට අදාල කටයුතුවලින් බැහැරව සිටියි.

සිය අමාත්‍යංශය වෙත පැවරී තිබු මාර්ග සංවර්ධන ව්‍යපෘති සඳහා වූ කොන්ත්‍රාත් වෙනුවෙන් ආණ්ඩුවේ ඇතැම් ප්‍රබලයින්ගෙන් හා ප්‍රාදේශීය නායකයින්ගෙන් දිගින් දිගටම එල්ලවී තිබු අනිසි බලපෑම් මෙන්ම පාස්කු ප්‍රහාරයට අදාල පොලිස් විමර්ශන සිදුකෙරෙන ආකාරය පිළිබඳව ද මොහු පසුගිය කාලයේ නොසතුටින් පසු වූ අතර ජනාධිපතිවරයා සහභාගිවූ මධ්‍යම අධිවේගයේ කොටසක් විවෘත කිරීමේ උත්සව පවා වර්ජනය කර තිබිණ.

මුදල් ඇමතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ විසින් 2021 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් මොහුගේ අමාත්‍යංශයට රුපියල් බිලියන 35කට වැඩි මුදලක් වෙන්කර තිබුනද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙවර අයවැයෙන් එම අමාත්‍යංශයට වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 10ක මුදලකි.

 එසේ වෙන්කළ මුදලින් පවා මේ දක්වා සිය අමාත්‍යංශයේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබානොදීම සම්බන්ධයෙන් ඔහු රාජ්‍ය අමාත්‍යාශයේ  ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක සමග කිහිප වරක්ම මතගැටුම් ඇතිකර ගෙන තිබු බව වාර්තාවේ.



මාර්ග ඉදිකිරීමේදී සිදුවන බරපතල වංචා දුෂණ සම්බන්ධයෙන් නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා කිහිප වරක්ම ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් දැනුවත්කර ඇතත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී කරුණු දැක්වීමට අවස්ථාවක් ලැබී නොතිබීම ඔහුගේ බරපතල කනස්සල්ලට හේතුවී තිබු බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.


කෙසේවුවද නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා හිටි හැටියේ අමාත්‍යංශ රාජකාරිවලින් ඉවත්වීම, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බලවත් දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

විශේෂිතම කාරණය වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, නිමල් ලන්සා හා සනත් නිශාන්ත යන තිදෙනාම ප්‍රකට බැසිල්වාදීන් වීමයි.

සනත් නිශාන්ත මාධ්‍ය හමුවකදී බැසිල්වාදී නිමල් ලන්සාට මාධ්‍ය හමුවකදී චෝදනා කලේ මෙසේය.

 

 

Leader Whats app

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්