leader s

මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉදිරිපත් කර අනුමත කරනලද කැබිනට් සංදේශයක් අනුව රුපියල් කෝටි 16,000කට අධික මහා මූල්‍ය මංකොල්ලයක්

සිදු කිරීම වලක්වන ලෙස ඉල්ලා අධිකරණය වෙත යන බව ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සංවිධානයක් පවසයි.

'දූෂණ විරෝධී හඬ' සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මාධ්‍ය හමුවකදී එබව කියා සිටියේය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සහ රඹුක්කන අතර කොටස ඉදිකිරීම සඳහා කැඳවූ ටෙන්ඩරය හරහා මෙම මූල්‍ය අපරාධය සිදු කිරීමට යන බව පැවසු වසන්ත සමරසිංහ, ඒ සම්බන්ධයෙන් කරුණු කාරනා රැසක් මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

මෙය වලක්වා නැවත ටෙන්ඩර් කැඳවන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා අධිකරණය හමුවට යාමේ කටයුතු මේ වනවිට සූදානම් කෙරෙමින් පවතින බව ඔහු එහිදී අවධාරණය කරනු ලැබීය.

දූෂණ විරෝධී හඬ සංවිධානය පවසන්නේ, ටෙන්ඩර් කැදවීමේදී සිදුවූ වංචාව වසන් කිරීමට ආණ්ඩුව බලවත් උත්සහයක් දරමින් සිටින බවයි.

 


සබැඳි පුවත් :


මධ්‍යම අධිවේගයේ බිලියන 165 ක ටෙන්ඩර් මගඩිය: චීන සමාගමෙන් ජනපතිට රහස් ලිපියක් (EXCLUSIVE)

මධ්‍යම අධිවේගයේ බිලියන 165 ක ටෙන්ඩර් මගඩියක් !



 

 
 
 
 

Leader Whats app

 

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්