leader s

ඉන්දීය අගමැතිවරයා ඇතුළු ජාත්‍යන්තර බලවතුන්ගේ සහාය ලබා ගැනීමේ අරමුණින් මලයහ තමිල් කඳුකර දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂ ඇතුලත් ප්‍රකාශනයක් පිළියෙළ කිරීම ආරම්භ කර තිබේ.

''දැනටමත් සකස් කරලා තියෙන දේශපාලන ප්‍රකාශනය ගැන දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ පක්‍ෂ නායකයන් කඳුකර දෙමළ බුද්ධිමතුන් එකතුවෙලා 21දා අවසාන තීරණයකට එනවා,'' යැයි දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායක මනෝ ගනේෂන් පවසයි.

කඳුකර දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති සහ සෙසු බහුජන සංවිධාන වල අදහස් සහ යෝජනාවන්ට අනුව මෙම දේශපාලන ප්‍රකාශනය සකස් කිරීමේ මුලික කටයුතු පැවරී ඇත්තේ මහනුවර සමාජ සංවර්ධන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂක පෙරියසාමි මුතුලිංගම් හා ගෞතමන් බාලචන්ද්‍රන් යන සමාජ හා දේශපාලන ක්‍රියාධරයන් දෙදෙනාටයි.

කඳුකර දෙමළ ජනයාගේ දේශපාලන ප්‍රකාශනය සකස් කළ අවසන්වූ පසු එය දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ පක්‍ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන්
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සියලු දේශපාලන පක්‍ෂ නායකයන්, තමිල් නාඩු මහ ඇමැති එම්.කේ.ස්ටාලින් ඇතුළු තමිල්නාඩුවේ සියළුම දේශපාලන පක්‍ෂ නායකයන්, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමයට අයත් රටවල ආණ්ඩුවලට මෙන්ම ජාත්‍යන්තර සංවිධාන වෙත නිල වශයෙන් බාර දීමට නියමිතය.

''කඳුකර දෙමළ ජනයාගේ ප්‍රකාශනය ඔස්සේ ආණ්ඩුවට අපේ ජනතාවගේ ඉල්ලීම් ලබා දෙනවා. ඒ වගේම මේ ප්‍රකාශණය පදනම් කරගෙන සියළුම සිවිල් සංවිධාන එක්ක සාකච්චා කරන්නත් අපි සුදානම්,'' යැයි දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායක මනෝ ගනේෂන් පවසයි.

දෙමළ බස කතා කරන ජනතාව ලෙස පොදු දේශපාලන ලියවිල්ලක් සකස් කිරීමට ආරම්භයේ සිටම දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ සිය දායකත්වය ලබා දුනි. එහෙත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි වෙත යැවීමට සකස් කළ ලියවිල්ලේ අඩංගු පෙඩරල් පාලන ව්‍යුහය සහ ජාතීන්ගේ ස්වයං නිර්ණය අයිතිය වැනි කරුණු පිළිගැනීමට මැලිකමක් පාමින් දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ එම සාකච්ජා වලින් ඉවත් විය.

රටේ සෑම තැනකම ජීවත්වෙන කඳුකර දෙමළ ජනයා මෙම දේශපාලන ප්‍රකාශනය ඔස්සේ ඒකරාශි කර ගනිමින් විධිමත් කතා බහක් ගොඩනැගීමට ද
එම පෙරමුණ අපේක්‍ෂා කරයි.

mano 234 1

 

Leader Whats app

 

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්