leader s

විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් ලෙස වසන්තා පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි එම අමත්‍යශයෙන් ඉවත් කිරීමට තීරණයක් ගෙන ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ වෙනුවට හර්ෂාන් ද සිල්වා පත්කිරීමට නියමිතව ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

යුගදනවී ඇතුළු රජයේ ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම පමාවිමට විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් ලෙස වසන්තා පෙරේරා ගේ ක්‍රියාකලාපය හේතුවූ බවට විදුලි බල අමාත්‍යවරයා මිට ඉහතදී ජනාධිපතිවරයා දැනුවත් කර තිබී ඇත.

මේදිනවල වැඩබලන විදුලිබල අමාත්‍යාවරයා ලෙස කටයුතු කරන්නේ දුමින්ද දිසානායකයි.

ඩොලර් මිලියන 250ක මිලකට අවුරුදු 15ක කාලයක් සඳහා කෙරවළපිටියේ යුගදනවි සමාගමේ කොටස්වලින් 40%ක් නිව් ෆෝට්‍රස් එනර්ජි නම් ඇමරිකා
එක්සත් ජනපදය පදනම් කරගත් සමාගමකට පැවරීමට අදාල ඇතැම් තොරතුරු විපක්ෂයේ ප්‍රබලයකුට ලබාදී ඇතැයි චෝදනා කරමින් විදුලිබල අමාත්‍යංශයේ ඉහල  නිලධාරිනියකට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් ඇරඹීමේ සුදානමක් පවතින බව 'ද ලීඩර්' මිට පෙර වාර්තා කළේය.


සබැඳි පුවත් :
'රහස් ලීක් වෙලා'  ! - විදුලිබලේ ඉහල නිලධාරිනියක් දොට්ට ?

 

Leader Whats app

 

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්