leader s

(උපුටා ගැනීම - සමාජ මධ්‍යයෙන් )

'මුළු රටම හරි මගට' වැකිය සඳහන් පෝස්ටරයක් අද (25) උදැසන රට පුරා තැනින් තැන අලවා තිබෙන බව වාර්තාවේ. සමාජ මාධ්‍ය ඔස්සේ ද එම පෝස්ටරය  පොස්ටුවක් ලෙස සංසරණය වෙමින් තිබේ.


රතු - නිල් හා කුරක්කන් ආදී වර්ණවලින් යුතු 'මුළු රටම හරි මගට' යන වචන කිහිපය හැරුන විට එහි වෙනත් කිසිවක් සඳහන් නොවේ.

මෙය අලුතින් කරලියට එන වේදිකා නාට්‍යයක හෝ ලබන මාසයේ මුලදී ආරම්භ කිරීමට නියමිත දේශපාලන මෙහෙයුමක පුර්ව ප්‍රචාරක මෙහෙයුමක් වියහැකි බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අනාවැකි පළකර ඇත.

මාර්තු මාස 02 දා විමල් වීරවංශ ප්‍රමුඛ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල යෝජනාවලියක් එළිදැක්වීමට නියමිත අතර මාර්තු 25 දා නාමල් රාජපක්ෂගේ 'ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව' ප්‍රචාරක මෙහෙයුම  ආරම්භවීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

එසේම සමගි ජන බලවේගය මාර්තු මාසයේ සිට රටපුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහි පළමු රැලිය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ දී මාර්තු මස මැද දිනක පැවැත්වීමට සැලසුම් කර තිබේ.

 

Leader Whats app

 

   

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්