තුන් අවුරුද්දක් තිස්සේ අත්හිටුවා තිබූ ශ්‍රී ලංකාවෙන් මේතාක් හමුවූ දැවැන්තම සමූහ මිනී වලේ විමර්ශන කටයුතු යළි අරඹන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ.


දරුවන් 28 දෙනකු ඇතුලු තුන්සියයකට අධික ගැහැණු සහ පිරිමි ඇට සැකිලි හමුවූ මන්නාරම සමුහ මිනී වලේ කැනීම් කටයුතු යළි ආරම්භ කරන ලෙස මන්නාරම මහාධිකරණය විසින් පෙබරවාරි 22දා නියෝග කරන ලද්දේ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විසින් කරන ලද ඉල්ලීමකට අවසර දෙමිනි.

මන්නාරම සතොස භූමියෙන් 2018 මැයි මාසයේ මිනිස් ඇටකටු හමුවීමෙන් අනතුරුව ආරම්භ කළ කැනීම් කටයුතු එයින් අවුරුද්දකට පසු නවතා දමන ලද්දේ මාස තුනකට පමණෙකියි ප්‍රකාශයට පත් කරමිනි.

එසේ වෙතත්, ශ්‍රී ලංකා යුද හමුදාවට බාර දීමෙන් පසුත්, පැහැරගෙන යාමෙන් පසුත් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් ඉල්ලා සිටින තුරු කැනීම් කටයුතු ආරම්භ කෙරුනේ නැත.



අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් අධිකරණ ක්‍රියා දාමයට හවුල් වීම ආරම්භයේදී වලකා තිබුණත් මන්නාරම මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් විසින් කරුණු විමසා බලා එම තහනම ඉවත් කිරීමට නියම කළ බව නීතිඥවරු පවසති.


නීතිඥ රනිතා ඥානරාජ්ගේ උපදෙස් පරිදි වී එස් නිරංජන් සහ ආර් සුවතිකා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ද, නීතිඥ පුරතානි සිවලිංගම් අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) වෙනුවෙන්ද පෙනී සිටි අතර ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ චමින්ද වික්‍රම නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළේය.

අතුරුදන්වූවන් කළවුන්ගේ ඥාතීන්ට සහ ඔවුන්ගේ නීතිඥවරුන්ට මරණ පරීක්ෂණයට සහභාගි වීමට අවසර ලබා දුන් මහාධිකරණය, එක් එක් කැණීම් දිනයකදී පුද්ගලයන් 10 කට පමණක් සෘජුව සහභාගී වීමටත්, තවත් අයට මීටර් 30ක දුරින් කැණීම් භූමිය නැරඹීමටත් අවසර ලබා දී ඇත.

මාධ්‍යවේදීන්ට සෑම පැයකට වතාවක් විනාඩි 10ක් කැනීම් බිමට කෙලින්ම ගොස් ප්‍රවෘත්ති රැස් කිරීමට අධිකරණයෙන් අවසර ලැබිණි.

කැනීම් කටයුතු කඩිනමින් ආරම්භ කර අවසන් කරන ලෙස නියෝග කළ විනිසුරු ඉලන්චෙලියන්, අදාළ විමර්ශන මන්නාරම මහේස්ත්‍රාත්ගේ ඍජු පාලනය යටතේ  නීතීඥවරුන්, පොලිසිය, අධිකරණ වෛද්‍ය නිලධාරීන්, අතුරුදන් කළවුන්ගේ ඥාතීන් ඇතුළු සියලු දෙනා එක්ව පරීක්ෂණ අවසන් කළ යුතු බව ද සඳහන් කළේය.



මහාධිකරණය මගින් වැඩි දුරටත් නියෝග පනවා ඇත්තේ මන්නාරම මහේස්ත්‍රාත් ගේ නියෝගය යටතේ වවුනියාව මහාධිකරණයේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන සමුහ මිනී වලේ විමර්ශන වල ප්‍රගතියේ පළමු වාර්තාව තුන් මාසයක් ඇතුලත ලබාදී ඉන් අනතුරුව සෑම මාස දෙකකට වරක් වවුනියාව මහාධිකරණයට වාර්තා ඉදිරිපත් කරන ලෙසයි.



අපරාධයක් සිදුවූ ස්ථානයක් ලෙස තීන්දු කරමින් මන්නාරම සතොස සමුහ මිනීවලේ කැනීම් කටයුතු සිදුකෙරෙන බව වෝහාරික විශේෂඥ සමින්ද රාජපක්ෂ විමර්ශන කටයුතු සිදුකෙරෙන 190 වැනි දිනයේදී මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

මන්නාරම සතොස සමූහ මිනීවලෙන් ගොඩගත් අස්ථි කොටස් හයක් පරීක්ෂා කළ ෆ්ලොරීඩාවේ, මියාමි හි පිහිටි බීටා ඇනලිටික්ස් ආයතනය විසින් නිගමනය කොට තිබුනේ ඒවා ක්‍රිස්තු වර්ෂ 1404 ත් 1635 ත් අතර සියවස් ගණනක කාල පරාසයකට අයත් බවය.

එම නිගමනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත පුරාවිද්‍යා පශ්චාත් අධ්‍යයන අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව සමූහ මිනිවළෙහි කාලය පිළිබඳ විශ්වසනීය නිගමනයකට එළැඹිය හැකි වන්නේ මිනිස් අස්ථි කොටස් සමගින් ගොඩගෙන ඇති භාණ්ඩ සිය ගණනක් සම්බන්ධයෙන් 2019 ජූලි මාසයේ අලුතින් පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

මේ තාක් හමුවූ ඇටකටු අතරින් සමහරක ගැඹුරු කැපුම් තුවාල දැකගත හැකි වූ අතර එකට ගැටගසා තිබුණු ආකාරයක් දිස්වන අස්ථි කොටස් ද සමූහ මිනී වලෙන් සොයා ගෙන තිබුණි.


සබැඳි පුවත් :

 “බහුබූත දොඩවන්න එපා” නීතිපති දෙපාර්තමේන්තුව උසාවියේදී අපහාස කරයි

මුලතිව් රෝහල් භූමියෙන් ඇටකටු මතුවේ ! - 'සමුහ මිනිවලක්' දැයි විමර්ශ !! (VIDEO)


මන්නාරම සමූහ මිනීවලෙන් ගොඩගත් භාණ්ඩ හත්සිය ගණනක පරීක්ෂණ ඇරඹේ

Leader Whats app

 

   

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්