විදුලිබල මණ්ඩලයට පෞද්ගලික අංශයෙන් දීර්ඝ කාලින පදනමක් මත විදුලිය මිල දී ගැනීම සඳහා යලි ටෙන්ඩර් කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.


සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය සඳහා විදුලිය මිලදී ගැනීමට මෙම ටෙන්ඩරය කැඳවා තිබුනේ කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේය.

මෙසේ ටෙන්ඩර් කැඳවීමේදී මහා පරිමාණ හා සුළු පරිමාණ විදුලි සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ ට උපදෙස් දී තිබිණ.

එසේ කැඳවනු ලැබූ ටෙන්ඩරය අවලංගුකර යලි ටෙන්ඩර් කැඳවීමට යන්නේ, ආණ්ඩුවේ ප්‍රධානියකුට සම්බන්ධතා ඇති ප්‍රකට සමාගමකට මෙම ටෙන්ඩරයට ඉදිරිපත්වීමට අවස්ථාව නොලැබීම නිසා එම සමාගමට අවස්ථාවක් ලබාදීම සඳහා යයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ.  

අදාල ටෙන්ඩරය සඳහා එම සමාගම ඉදිරිපත්ව ඇත්තේ ටෙන්ඩරය සඳහා ලබාදී තිබු කාලය අවසන් වී සුළු මොහොතකට පසුවය. එකී සමාගම මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින් සමග සමීප ඇසුරක් පවත්වාගෙන යන ප්‍රකට සමාගමක් බව ද පැවසේ.


එම චෝදනාව සම්බන්ධයෙන් අප කළ විමසීමකදී විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, ටෙන්ඩර් කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත්වූ පෞද්ගලික සමාගම් 3 ක් විසින් ඉදිරිපත් කළ මිල ගන්න බෙහෙවින් අධිකවීම නිසා යලි ටෙන්ඩර් කැඳවීමට සිදුව ඇති බවයි.


'අඛණ්ඩව විදුලිය දෙනවා… - ජනපති යළිත් සහතික වෙයි!


මෙරට වත්මන් විදුලි පරිභෝජනය අනුව දිනකට මෙඝා වෝට් 250-300ක අවශතාවයක් පවතී.

පුරා පැය හතක දෛනික විදුලි කප්පාදුවකට මිනිසුන් අසරණව සිටිද්දී ජනාධිපතිවරයා අඛණ්ඩ විදුලි සැපයුමක් සම්බන්ධව  මහජන උපයෝගීතා කොමිසමට සහ මහ ජනතාවට සහතික වෙයි.

රට තුළ පවතින විදුලි අර්බුදය වළක්වා ගැනීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව ද ජනාධිපතිවරයා කියයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මකවන පරිදි විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීම සඳහා මහා භාණ්ඩාගාය සහ මහ බැංකුව වගබලා ගන්නා බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සඳහන් කරයි.



 ''මහා භාණ්ඩාගාරයට සහ මහ බැංකුවට එරෙහිව PUCSL නඩු මගට''




විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනයට අවශ්‍ය විදේශ විනිමය නිකුත් නොකිරීම හේතුවෙන් මහා භාණ්ඩාගාරයට සහ ශ්‍රී ලංකා මහ බැංකුවට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජනක රත්නායක ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, ඉන්ධන ආනයනයට ඩොලර් මිලියන 150ක් ලංකා විදුලිබල මණ්ඩලයට  ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හා මහා භාණ්ඩාගාරයෙන් කල ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව ය.




ඔහු පෙන්වා දෙන්නේ, ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ඉන්ධන ආනයන සදහා අවශ්‍ය විදේශ විනිමය ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයට හා ශ්‍රී ලංකා මහ බැංකුවට ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණ ද එම උපදෙස්වලට අනුව අදාළ පාර්ශව ක්‍රියා කර ඇති බවක් නොපෙනෙන බව ය. ඒ හේතුවෙන් ඉන්ධන මගින් ක්‍රියාත්මක කෙරෙන විදුලි බලාගාර අක්‍රිය වී ඇතැයි ජනක රත්නායක පැවසීය.



"ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැවරී ඇති වගකීම වන්නේ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීමයි. ඒ වගේ ම ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු බලපත්‍රලාභින්ගේ මූල්‍ය තත්ත්වය යහපත් තත්ත්වයෙන් පවත්වා ගැනීම තහවුරු කිරීමත් අපේ වගකීමක්. විදුලිබල කර්මාන්තය සම්බන්ධයෙන් රජයට උපදෙස් දීමේ වගකීමත් අපට පැවරී තිබෙනවා.

ඉන්ධන අර්බුදය හේතුවෙන් විදුලි සැපයුමට ඇතිවන බාධා වැළැක්වීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් උපදෙස් මාලාවක් අපි රජයට ඉදිරිපත් කර තිබුණා. එහෙත් මේ වන තුරු රජය හෝ අමාත්‍ය මණ්ඩලය විසින් එම යෝජනා සැළකිල්ලට ගත් බවක් පේන්නට නැහැ.

ඉන්ධන අර්බුදය හේතුවෙන් පැන නැගුණු විදුලි අර්බුදය වැරදි මූල්‍ය ප්‍රතිපත්තිවල ප්‍රථිපලයක් බව ද කිව යුතුයි. වැරදි මූල්‍ය ප්‍රතිපත්තිය කියල අදහස් කළේ අප සතු වූ විදේශ විනිමය ඥාණාන්විතව භාවිත නොකිරීම. එහිදී මූලිකත්වය ලබා දෙන්න තිබුණේ ඉන්ධන ඇතුළු අපට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සදහායි. නමුත් සිදුවුණේ ණය ගෙවීමට පැවති විදේශ විනිමය භාවිත කිරීම හා ඒ නිසා අද වන විට අත්‍යවශ්‍ය ඉන්ධන ආනයනයට මුදල් අහිමි වීම.

දිනකට පැය 7ක් 8ක විදුලි කප්පාදුවක් නිසා සුළු, මධ්‍යම හා විශාල පරිමාණ කර්මාන්ත සියල්ල අක්‍රිය වෙනවා. සමස්ත ආර්ථිකය ම අගාදයකට ඇද වැටෙන බව කිව යුතුයි."




විදුලි බලාගාර 8ක් කොට උඩ !



මේ අතර, විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම හේතුවෙන් මේ වන විට විදුලි බලාගාර 8ක් නවතා දැමීමට සිදුව ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ අනුව, ඉන්ධන මගින් ක්‍රියාත්මක විදුලි බලාගාර වන සෝජිස්ට්ස් සහ උතුරු ජනනී යනයන බලගාර දෙක පමණක් මේ වන විට ක්‍රියාත්මක වේ.

විදුලි බල මණ්ඩලය පුරෝකථනය කර ඇති ආකාරයට අද (මාර්තු. 02) දිනය දක්වා විදුලි සැපයුමට අවශ්‍ය ෆර්නස් තෙල් ප්‍රමාණය ඝනමීටර් 1036 ක් වුව ද මේ වන විට පවතින ප්‍රමාණය වන්නේ ඝනමීටර් 716 කි.

නැප්තා ප්‍රමාණය ඝනමීටර් 950 ක් වුව ද මේ වන විට බලාගාර සතුව නැප්තා නොමැති බව ද විදුලි බල මණ්ඩලය පවසයි.

හෙට දින දක්වා අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ඝනමීටර් 2640ක් වුව ද බලාගාර සතුව පවතින්නේ ඩීසල් ඝණමීටර් 650 ක් පමණක් බව ද සඳහන් කරයි.

තව ද රටට අවශ්‍ය විදුලිය උත්පාදනය සඳහා පවතින පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වන ජල විදුලි බලාගාර, සූර්ය බලාගාර, තාප බලාගාර, සුළං බලාගාර සහ ජෛව ස්කන්ධ මගින් සීමා සහිතව තවදුරටත් විදුලි උත්පාදනය සිදු කෙරෙන බව විදුලි බල මණ්ඩලය සඳහන් කර ඇත.



අද පැය හත හමාරක විදුලිය කප්පාදුවක්




මේ අතර, අද දිනයේදී (මාර්තු 02) පැය හත හමාරක කාලයක් දිවයින පුරා විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර දී තිබේ.

ඒ අනුව, පෙරවරුවේ පැය 5ක කාලයක් සහ පස්වරුවේ පැය දෙක හමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිත ය.

විදුලි අර්බුදය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විරෝධයක් මතුව ඇති අතර පහත දැක්වෙන්නේ එසේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝවක් හා පොස්ටු කිහිපයකි.

 

 

 

274473545 4856557007725682 3946815200059128899 n

Sadun20221 1

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image