රුපියල් කෝටි 3600 කට අධික බැදුම්කර වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුලු විත්තිකරුවන් එකොළොස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ පොදු දේපළ පනත යටතේ

වු චෝදනා පවත්වාගෙන යෑමට නොහැකි බවට තීරණය කළ කෙළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ චෝදනාවලින් විත්තිකරුවන් නිදහස් කිරීමට බහුතර තීන්දුවෙන් ඊයේ (04) නියම  කළේය.

මම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුනවන්ට එරෙහි මෙම නඩුව පවත්වාගෙන යෑමට හැකියාවක් නැති බවට විත්තියේ නීතීඥවරුන් මතු කළ මුලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව ප්‍රතාශයට පත් කළ ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරු මඩුල්ල පොදු දේපළ පනතේ 07 වැනි වගන්තිය යටතේ වන චෝදනා එල්ල කළ හැක්කේ ස්වභාවික පුද්ගලයනට පමණක් බව සදහන් කරමින් බහුතර තීන්දුවෙන් විත්තිකරුවන් නිදහස් කරමින් අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත සහ මංජුල තිලකරත්න මහත්වරුන් විත්තිකරුවන් නිදහස් කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර සාමාජික විනිසුරු මොහෝමඩ් ඉෂඩීන් විත්තිකරුවන්ට එරෙහි පොදු දේපළ පනත යටතේ වු චෝදනා පවත්වාගෙන යෑමට හැකි බවට වෙන මම තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.

2016 මාර්තු මස 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ශ්‍රී ලංකා මහ බැංකුව පැවැත්වු බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් කෝටි 3600 කට අධික භාන්ඩාගර බැඳුම්කර සම්බන්ධයෙන් සාපාරාධි විශ්වාෂය කඩ කිරීම ඇතුලු චෝදනා යටතේ නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා පවරා ඇත.

ඵර්පචුවල් ටෙෂරීස් සමාගමට එල්ල වී ඇති චෝදනාවලට සමග සම්බන්ධ කොට ඇති මෙම නඩුවේ විත්තිකරුවන් වු හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්, ඵර්පචුවල් ටෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂවරුන වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පළිසේන, ඇතුලු විත්තිකරුන් 11 දෙනකුට එරෙහිව නීතීපතිවරයා දණ්ඩ නීතී සංග්‍රහය” පොදු ද්පළ පනත” ඇතුලු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි.


රජයේ නීතිඥවරියගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වේ


මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය මෙම නඩු තීන්දුව පිළිබඳව අධ්‍යයනය කර පියවර ගැනීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියාය.

එහෙත් එම ඉල්ලීමට විරෝධය පළ කළ රවි කරුණානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය විසින් පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට දුන් තීරණයත් සමඟම සමස්ත අධිචෝදනා පත්‍රයම පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බව සඳහන් කළේය.

මෙම චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට නීතිපතිවරයාට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු, ඒ අනුව එය ඉල්ලා අස්කර ගත යුතු බවය සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම නඩු තීන්දුව අධ්‍යයනය කර තීරණයක් ගන්නා තුරු මෙම නඩු විභාගය කල් තැබීම සදාචාරාත්මක නොවන බව සඳහන් කළ සභාපති විනිසුරු දමිත් තොටවත්ත, ඒ අනුව  ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකගත්වය සහිතව මෙම නඩුවේ සෙසු චෝදනා වලට අදාල විභාගය පැවැත්වීම සඳහා "පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය" සඳහා මැයි මස 4 වනදා කැඳවන ලෙස නියෝග කළේය.

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්