leader s

හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද (09) පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට කතානායකවරයා ගෙන් ඉල්ලීමක් කර තිබුන ද හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රකාශය කල්දමා ඇතැයි

පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.

බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ගේ බලපෑම් මත ජනාධිපතිවරයා විසින් තමාව අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම හා ඊට බලපෑ කරුණු කාරනා අනාවරණය කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද මෙම විශේෂ ප්‍රකාශය පාර්ලිමේන්තු රැස්වීමේදී සිදුකිරීමට නියමිතව තිබිණ.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මේවනවිට සිය නිල නිවාස හා නිල වාහන බාර දී තිබේ.

ඊයේ පස්වරුවේ ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ කාර්යාලය තුල පැවති ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් ගේ විශේෂ සාකච්ජාවට විමල් වීරවංශ ද සහභාගී වී සිටියේය. ජනාධිපතිවරයා සමග සිදුකල සාකච්ජාවෙන් පසු ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර ද මේ සාකච්ජාවට එක්ව සිටියේය. 

 

 

 සෞභාග්‍යයේ බෑය දැන් කොහොමද? | අද ගොසිප් එක

Leader Whats app

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්