leader s

ශ්‍රී ලංකාව වැටී සිටින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අත දීමට අද දින මහ බැංකුවට හදිසියේ ගිය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂයේ ආර්ථික විශේෂඥ මණ්ඩලයක් සාර්ථක ප්‍රතිපල නොලැබීම ගැන නොසතුටින් ආපසු

පැමිණ තිබේ.

ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ මං සෙවීමට ජනාධිපතිවරයා විසින් ආර්ථික සභාවක් පත් කළ දාට පසුදින මහබැංකු අධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවකට සහභාගිවූ  සමගි ජන බලවේගයේ ඉහළ පෙලේ නියෝජිත පිරිසට දැනගන්නට ලැබී ඇත්තේ කඩිනමින් සලකා බලන ලෙස ඉල්ලා මුදල් ඇමැති වරයාට ඉකුත් සතියේ යවන ලද අට වැදෑරුම් යෝජනා පොදිය සම්බන්ධයෙන් තවමත් පිළිතුරක් ලැබී නැති බවයි.

එය “ආණ්ඩුකරණයේ දැවැන්ත බිඳ වැටීමක්” ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් හඳුන්වා තිබුණි.

ඔහුද, කබීර් හෂීම් සහ ආචාර්ය එරාන් වික්‍රමරත්න යන හිටපු අමාත්‍යවරුන් සමග පැවති සාකච්ඡාව ‘සුහද හා රුචිකර’ එකක් ලෙසින් හැඳින්වූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, “සාකච්ඡාවට සහභාගී වූ සියලු පාර්ශවයන්ට තමන්ගේ අදහස් නොවලහා දක්වන්නට අවස්ථාව උදාවුණු,” බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබුණි.



සාකච්ඡාවේ ‘සුහද භාවය’ තහවුරු කරන ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ ආනයන සඳහා මුදල් ගෙවීමට ඇති හැකියාව, විදේශ ණය, විනිමය රේට්ටුව, ඉහල යන උද්ධමනය සහ ණය විරාමය අවසන් වූ පසු මුල්‍ය තත්වය ඇතුළු කාරණා දෙපාර්ශවයේ සාකච්ඡාවට විෂය වුනු බවයි.




“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාරයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඔවුන් විසින් සැලකිල්ලට ගන්නා බවක් අපට නොපෙනේ. ජූලි මාසයේ ඩොලර් බිලියන එකේ බැඳුම්කරය ගෙවීම ආදිය ගැන කතා කළා. අට වැදෑරුම් කරුණු බැසිල් රාජපක්ෂට යවා බලා සිටින බව පැවසුවා. පෙනෙන විදියට ශ්‍රී ලංකාවේ ණය අර්බුදය දිග්ගැසේවි. ආණ්ඩුකරණයේ දැවැන්ත බිඳ වැටීමක්. කාලයට විසඳන්න ඇර බලා හිඳීමක් (Kicking can down road),” යයි හිටපු අමාත්‍යවරයා ට්වීට් කර තිබුණි.

ශ්‍රී ලංකාවේ ණය කන්දරාව උහුලා ගත නොහැකි බරක් බවට පත්වී ඇතැයි අනතුරු අඟවන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ  (IMF) විධායක අධ්‍යක්ෂ මණ්ඩලය එයින් ගැලවීම සඳහා නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර තිබුණි.

ඉන් තුන් දිනකට පසු මහ බැංකුව රුපියල පාවෙන්නට ඉඩ හැරියේ ඩොලර් අද්දා ගැනීමේ වෑයමක් ලෙසිනි.

IMF නිර්දේශ අනුව තව දුරටත් කටයුතු කිරීමට මහ බැංකුව නම්මා ගැනීම සජබ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අරමුණ වී තිබේ.

“ණය දරාගැනීමේ හැකියාව පිළිබඳ කඩිනම් විශ්ලේෂණයක් සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සැලසුම් කිරීමට අපි යෝජනා කළෙමු. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සම්බන්ධ වන ලෙස අපි යෝජනා කළෙමු. වසංගතයේ ලැබුණු විරාමය අවසන් වීමේ කම්පනය බැංකු සහ ව්‍යාපාර විසින් දරාගනු ලබන්නේ කෙසේදැයි බරපතල ලෙස සලකා බලන ලෙස අපි යෝජනා කළෙමු. කිසියම් ආධාරයක් ලබා ගැනීම ගැන සලකා බැලිය යුතුය,” යි හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ට්වීට් කර තිබුණි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ අනුව යමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇති ශ්‍රී ලංකා මහ බැංකුව විපක්ෂයේ යෝජනා සම්බන්ධයෙන් දරන ස්ථාවරය කුමක්දැයි  ප්‍රකාශයට පත් කර නැත.

Kabral 2022.03.09 1

Leader Whats app

 

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්