leader s

අතුරුදහන් කරනු ලැබු දස දහස් සංඛ්‍යාත දෙමළ ජනකායට අත්වූ ඉරණම හෙළි කරනු වෙනුවට මරණ සහතිකයක් සහ වන්දියක් දීමට ආණ්ඩුව ගන්නා උත්සාහය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන අතුරුදහන් කළවුන්ගේ

ඥාතීහු ඒ මුදලින් ජනතා කුසගින්න නිවන ලෙස  ආණ්ඩුවට යෝජනා කර තිබේ.

රාජපක්‍ෂ හවුල් ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක මාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම පසුගිය දා ප්‍රකාශ කර සිටියේ අතුරුදහන් කළවුන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වලට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි.

මාධ්‍ය හමුවක් කැඳවමින් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ මන්නාරම දිස්ත්‍රික් නායිකා මනුවෙල් උදය චන්ද්‍රන් ප්‍රශ්න කර සිටියේ  ''ආර්ථික අර්බුදයක ගිලී සිටින ආණ්ඩුව අපිට වන්දි ගෙවන්නේ කෙසේද'' යන්නයි.


''ආණ්ඩුව ලබා දෙනවායි කියන රුපියල් ලක්ෂයේ වන්දිය අපි එකහෙළා  ප්‍රතික්ෂේප කරනවා. අවුරුදු 13 ක් තිස්සේ අපි සටන් කළේ වන්දි මුදල් ගන්න නොවේ. අපිට ඕනෑ අපේ ඥාතීන් වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉටු කර ගන්න.'' - මන්නාරම දිස්ත්‍රික් නායිකා මනුවෙල් උදය චන්ද්‍රන්



මන්නාරම් දිසාවේ අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ නායිකා මනුවෙල් උදය චන්ද්‍රන් ආණ්ඩුවට චෝදනා කරන්නේ මෙවැනි වන්දි ලබාදී මව්වරුන්ගේ සටන බිඳ දැමීමට වෑයම් කරන බවටයි.

''අපේ දරුවන් වටින්නේ රුපියල් ලක්ෂය දැ?'' යි උතුරේත් වන්නියේත් මාතාවන්ගේ ප්‍රශ්නය ප්‍රතිරාව නවමින් ඇය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්නීය.

''දැන් අපිට වන්දි ගෙවනවාට වඩා ඒ සල්ලි තියාගෙන ජනතාව මුහුණ දෙන, ඩීසල් පෙට්ට්‍රල්, අත්‍යවශ්‍ය  ආහාර ද්‍රව්‍ය හිඟය වැනි ප්‍රශ්න වලට අවධානය යොමු කරලා, ජනතාවගේ බඩගින්න නිවන්න.''

ආණ්ඩුවේ ලක්ෂයේ වන්දිය වන්නියේත්, යාපනයේත් මව්වරුන් මේ වනවිටත් ප්‍රතික්ෂේප කර තිබේ.


සබැඳි පුවත්
සබ්රිගේ ලක්ෂයට අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගෙන් පා පහරක්

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්