නාඳුනන පුද්ගලයන් හරහා විදේශ මුදල් මෙරටට එවීම ඊට අදාළ පාර්ශ්වකරුවන්ට දැඩි නීතිමය

අවදානමක් ගෙන දෙන්නක් බවක් බවට ආරක්ෂක අංශ අනතුරු අඟවයි.

විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට මුදල් එවීමේදී මැදිහත්කරුවන් යොදා ගනිමින් උණ්ඩියල් ක්‍රමය අනුගමනය කරනු ලැබුවද, එය මේ වන විට මෙරට ආරක්ෂක අංශවල දැඩි අවදානයට ලක්ව තිබේ.

අදාළ උණ්ඩියල් ක්‍රමය යොදා ගනිමින් බොහෝවිට විදේශ මුදල් හුවමාරුව සිදුවුවද, එහි නියෝජිත ඒජන්තවරුන් ලෙස කටයුතු කරන්නේ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවන් බව අනාවරණයවී ඇත.

එවැනි පසුබිමක් තුළ තවදුරටත් එවන් අනීතික ක්‍රම යොදා ගැනීම කුමන පාර්ශ්වයකට වුවද දැඩි අවදානමක් ගෙන දෙන්නකි.

උණ්ඩියල් ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කර ගත් බොහෝ පිරිසකට අනවශ්‍ය නීතිමය ප්‍රශ්නවලට පවා මුහුණ දීමට සිදුව ඇතැයි රජයේ බුද්ධිසේවා ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ ඒ ගිණුම්වලට මුදල් බැර වී තිබූ ආකාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමුව තිබීම ඊට හේතුවයි.



කුවේට් වලින් ලංකාවට එන සල්ලි ටික අතරමැදියො හොරකම් කරන්නෙ මෙහෙමයි

උන්ඩියල් ජාවාරම සම්බන්ධයෙන් කුවේට් හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයකු ''කුවේට් වලින් ලංකාවෙ ආණ්ඩුවට එන්න ඕන සල්ලි ටික අතරමැදියො හොරකම් කරන්නෙ මෙහෙමයි '' යයි පවසමින් අප වෙත සටහනක් යොමුකර තිබේ. එහි මෙසේ සඳහන් වේ.

''ශ්‍රී ලංකාවේ සිට ගෘහ සේවය සඳහා මෙරටට පැමිණෙන කාන්තාවක් සඳහා කුවෙට් ජාතිකයන් ඩිනාර් 2500කට ආසන්න මුදලක් ගෙවිය යුතුයි. මේ මුදල් ඉස්සර කෝටි ගණනින් ලංකාවේ ගිණුම් වලට බැරවූ අතර විශාල ඩොලර් ප්‍රමාණයක් රටට බැර විය.

නමුත් දැන් මේ සම්පූර්ණ මුදලම යන්නේ උන්ඩියල් හරහා ඩුබායි රාජ්‍යයටයි. ලංකාවට යවන මුදල ලංකාවෙන්ම ගිණුම් වලට බැර වෙන්නේ වැඩිපුර මුදලක්ද සමගයි. ඒ හේතුවෙන් ලංකාවට අයිති විශාල ඩොලර් ප්‍රමාණයක් අතරමැදියන් හරහා ඩුබායි රාජ්‍යයට හුවමාරු වේ.



කම්කරු ඇමතිතුමා විසින් යම්කිසි නීතියක් තානාපති කාර්‍ය්ලය හරහා පැනවුවහොත් මෙය වලකා ගත හැකිය. හේතුව මේ සියලුම කාන්තාවන්ගේ වසර දෙකේ ගිවිසුම අනුමත කර ගැනීම සඳහා සියලුම ගිවිසුම් තානාපති කාර්‍ය්ලයට යැවිය යුතුයි. එතනදී මේ අය වෙනුවෙන් හාම්පුතුන් ගෙවන මුදල මනි එක්ස්චේන්ජ් එකක් හරහා ලංකා ගිණුමකට යවා රිසිට් පත සමග තානාපති කාර්‍ය්ලයට යන ලෙස දන්වා නීතියක් සම්පාදනය කල යුතුයි.

 

එවිට එම මුදල් මේ රටවලින් කෙලින්ම ලංකාවට යන ක්‍රමයක් වෙත ජනතාවට නැඹුරු වීමට සිදුවේ. එමගින් නැවතත් අපේ ඩොලර් සංචිතය යථා තත්වයට ගෙන ආ හැකියි.

මේ වනවිට සෑම වැටුපක්ම ලංකාවට යන්නේ උනිඩියල් හරහායි. මේ උන්ඩියල්කරුවන් හැමදාම ගෙන්ගෙට යමින් නිවෙස්වල සේවය කරන අයගේ වැටුප ඒ මොහොතේම ලංකාවට යවා මෙහෙන් ඔවුන්ගේ වැටුප ලබා ගෙන උන්ඩියල් හරහා ඩුබායි රාජ්‍යයට වැඩි මුදලට විකුනනු ලැබේ.''

 

 

 


  The Leader TV අද වීඩියෝ

 ගෝඨාභය රටින් පැන්නීමේ කුමන්ත්‍රණයක්! | අද ගොසිප් එක | The Leader TV

 
 

Leader Whats app


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්