leader s

ආණ්ඩුව කැඳවා තිබෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගිවී සමස්ත ජනතාවගෙන්ම ප්‍රතික්ෂේප වී සිටින රාජපක්‍ෂ පවුල ශක්තිමත් කිරීමට දායක නොවන ලෙස උතුරේ දේශපාලන පක්‍ෂයක් රටේම දේශපාලන නායකයන්ගෙන්

ඉල්ලා තිබේ.

''රාජපක්‍ෂවරු රටේ බලය ලබා ගෙන දැන් අවුරුදු දෙකක් ගතවෙලා. ඒත් දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නයට විසදුම් ගැන කතා කරන්න සුදානමක් නැහැ. එපමණක් නොවේ රටේ ජාතික ප්‍රශ්නයක් නැහැත් කියනවා,'' යැයි දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පවසයි.

ජනාධිපතිවරයා විසින් මාර්තු 23 වැනිදා කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට සහභාගීවන්නේද යන්න පිළිබඳව දෙමළ මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මේ බව කියා තිබේ.

''බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතින් එයාලගේ දරුවන් සොයා සටන් කරමින් ඉන්නකොට රුපියල් ලක්ෂයක වන්දියක් දෙන්නම් කියලා ආණ්ඩුව එයාලත් එක්ක සෙල්ලම් කරනවා.''

''ත්‍රස්ත පනත සංශෝධනය කරනවා කීවත්, උසාවියට ඉදිරිපත් නොකර දිගු කලක් රිමාන්ඩ් කර තබන ක්‍රමය අත්හරින්න ආණ්ඩුව ලැහැස්ති නැහැ.''


දෙමළ ජාතික ජනතා පෙරමුණු නායකයා පෙන්වා දෙන්නේ ජන ඝාතන හා මානව හිමිකම් කඩ කර ඇති රාජපක්ෂවරුන් ඒ ගැන වගවීමටවත් සුදානම් නොමැති බවයි.



''මෑත කාලයේ පැන නැගුනු  ආර්ථික අර්බුදයට මුහුණ දීලා ඉන්නා සියළුම ජාතීන්ට අයත් ජනතාවට මේ ආණ්ඩුව එපා වෙලා තියෙන්නේ. මේ සර්ව පාක්ෂික සමුළුවට සහභාගිවීමෙන් වෙන්නේ රාජපක්‍ෂ පවුලට පණ දීමක්.''

''මෙවැනි සමුළුවලට එක්වීමෙන් දෙමළ ජනතාවට කිසිදු ප්‍රයෝජනයක් නැහැ.'' යැයි ඔහු පවසයි.


  The Leader TV අද වීඩියෝ

 ගෝඨාභය රටින් පැන්නීමේ කුමන්ත්‍රණයක්! | අද ගොසිප් එක | The Leader TV

 
 

Leader Whats app


 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්