theleaderlk 01

‘ජන පීඩක ආණ්ඩුව පලවා හරිමු, 74  වසරක ශාපය නිමා කරමු’  ඇතුළු සටන් පාඨ පෙරදැරි කරගෙන සිදුකරන ජාතික ජන බලවේගයේ ජනබල විරෝධය ඊයේ (23දා) නුගේගොඩදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්

පැවැත්විණි.

මෙම රැලිය නැරඹීම සඳහා දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ද එක්ව සිටීම විශේෂ කාරණයකි.

පස්වරු 3.00ට දෙල්කඳ හන්දියෙන් පෙළපාළිය ආරම්භ කර නුගේගොඩට පැමිණ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී රැලිය පවත්වනු ලැබිණි. මෙම සමුළුවට ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ නායකයන්, සාමාජිකයන්, වෘත්තීයවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, සිවිල් හා බහුජන සංවිධාන සාමාජිකයන්  ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

“සෞභාගේ රෙද්ද පල්ලෙන් බේරෙනවා, එපා එපා - තවත් එපා බොරු රැවටිලි, ජන පීඩක ආණ්ඩුවම - පන්නා දමමු, නම්බු පිටින් ගියෙ නැත්නම් - අපි ඇවිදින් එළවනවා, රට හදනා බලවේගේ ජාතික ජන බලවේගේ, ඉන්ධන මිල - අහස උසට, තෙල් පෝලිම ඇදෙයි දිගට, බඩට කන්න - බත් ටික නෑ” ඇතුළු සටන් පාඨ හඬනඟා කියමින්  උද්ඝෝෂකයෝ පෙළපාළියේ  ගමන් කළහ. මෙම විරෝධතාව හේතුවෙන් නුගේගොඩ කොට්ටාව හා නාවල මාර්ග  අවහිර වූ අතර ඒ නිසාම රථ වාහන රියැදුරන්ට විකල්ප මාර්ග භාවිත කිරීමටද සිදුවිය.

එම විරෝධතා රැලියේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික විධායක කමිටු සාමාජිකයින් වන ලාල්කාන්ත, සරෝජා පෝල්රාජ්, මහින්ද රත්නායක, මුනීර් මුලෆ්රේ, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, නීතීඥ හර්ෂන නානායක්කාර, ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා ජනතාව ආමන්ත්‍රණය කළහ

Mano 22 1
රැලිය නැරඹීමට පැමිණ සිටි මනෝ ගනේෂන්




'පරණ තට්ටු මාරු ක්‍රමයට යළි ඉඩ නැහැ' - ටිල්වින් සිල්වා


ජාතික ජන බලවේගයේ විරෝධතා රැලිය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුයේ, පරණ තට්ටු මාරු ක්‍රමයට යළි ඉඩ නොමැති බවයි.

අවුරුදු දෙකකට පෙර ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති වශයෙන් වැඩිම ජනතා ඡන්දයකින් තේරී පත්වුවත් අවුරුදු දෙකක්වත් ගතවීමට පෙර වැඩිම ජනතාවක් ඒකරාශී කරගෙන ගෙදර යවන්න ලෑස්ති බවත් පරණ තට්ටු මාරු ක්‍රමයට යළ ඉඩ නැති බවත් ඔහු අවධාරණය කළේය.

“තැන් තැන්වල ඉන්න ජනතාව විඳින දුක් වේදනා එකට කැටි කරලා ආණ්ඩුව ගෙදර යවන්න ලෑස්තියි. බුද්ධි අංශ වාර්තාවලින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඒ බව දන්වයි. ගෝඨාභය  රාජපක්ෂ මහත්තයා සිංහාසනයෙන් බස්සවා ගෙදර යවන්න ලෑස්ති බව ඒ වාර්තාවලින් තහවුරු කරයි. ඒ වගේම ගෝඨාභය සිංහානයෙන් බස්සවා කොහේවත් නැති පුතානෝ කෙනෙක් බලයට ගේන්නෙත් නැහැ. පරණ තට්ටුමාරු ක්‍රමයට දැන් ඉඩ නැහැ.” යනුවෙන් ඔහු එම රැලියේදී පැවසීය.



නඩුපිට නඩු තිබෙන දූෂිතයන් රට හදයිද ? -අනුර ප්‍රශ්න කරයි



“රට හදන්න ලබා ගන්නා යෝජනා සාකච්ඡාවක් අද (23) ජනාධිපති මන්ධිරයේ තිබුණා. ඒ සාකච්ඡාවේ සිටි එක් අයෙක් බැසිල් රාජපක්ෂ නඩු 07ක් අධිකරණයේ තිබෙන අයෙක්. අනික් කෙනා මහ බැංකුවෙන් කෝටි ගණන් හොරකම් කළ රනිල් වික්‍රමසිංහ. අනික් පැත්තෙන් ජනාධිපති වීම නිසා නඩුවලින් ගැලවුණු ගෝඨාභය රාජපක්ෂ. හිටන් හුටන් කියලා ආමන්ත්‍රණ ලද කෙනාත් හිටියා. කඩා වැටුණ ග්‍රීසියේ බැඳුම්කරවල රටේ මුදල් යෙදවූ සේවක අර්ථසාදක අරමුදල කොටස් වෙළඳපොළට යෙදවූ අජිත් නිවාඩ් කබ්‍රාල් හිටියා. අවුරුදු 10ක් ජනාධිපති ධුරය දරා රට ණය උගුලග හිරකරලා කෝටි ප්‍රකෝටි ගණන් ගත්ත මහින්දත් හිටියා. මේ අය රට හදයිද?” යනුවෙන් ප්‍රශ්න කරමින් අනුර දිසානායක තම කතාව ආරම්භ කළේය. 

 

{gallery}JVP{/gallery}

 

The Leader TV අද වීඩියෝ 


තවත් ඉවසනු බෑ එකම විසඳුම මේ පමණයි ! | මොණරවිලගේ ලියමන

නාමල්ට සහය දෙන්න මගේ කිසිම අදහසක් නෑ - උදය ගම්මන්පිල | Direct Politics |

විමල් පිලේ මන්ත්‍රීට බැසිල් දාපු ඩීල් එක මෙන්න! | අද ගොසිප් එක 

ආදරය එපා කිවූ ගුරුවරියට අත් වූ ඉරණම! 

Leader Whats app

 

 

 

නවතම පුවත්