leader s

ඉහල යන ජිවන වියදම හමුවේ පීඩිත කඳුකර ජනතාව වෙනුවෙන් නව ආර්ථික ව්‍යුහයක් හඳුන්වා දෙන ලෙස රාජපක්‍ෂ ආණ්ඩුවේ හවුල්කාර පාර්ශවයක් ඉන්දියාවෙන් ඉල්ලා තිබේ.


''ඉන්දීය සම්භවයක් සහිත ජනතාව වෙසෙන කඳුකරයේ ආර්ථික ඉතාමත් බරපතල අයුරින් බිඳ වැටිලා. මේ ආර්ථිකය ගොඩනගන්න ඉන්දියාව මැදිහත් වෙන්න ඕනෑ. අලුත් ආර්ථික සැලැස්මක් හඳුන්වා දෙන්න ඕනෑ,'' යැයි ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් පවසයි.

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජෙයශන්කර් ඊයේ [28] හමුවූ ලංකා කම්කරු කොංග්‍රස් ලේකම්වරයා මේ ඉල්ලීම කර තිබේ.

''දවසින් දවස උග්‍ර වෙමින් තියෙන ආර්ථික අර්බුදය නිසා ඉන්ධන හිඟයි. ඒ නිසාම ගමනා ගමන ප්‍රශ්න. තේ  කොළ ප්‍රවාහනය කරන්න ඇති වෙලා තියෙන අපහසුතා වලිනුත් පිඩාවට පත් වෙන්නේ කඳුකරයේ ජනතාවයි.''

''විදුලිය කප්පාදු කරන නිසා තේ ෆැක්ටරි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පිටරට පටවන්න තේ යවාගන්නත් බැරිවෙලා තියෙන්නේ.''

කොළඹ `ඉන්දියන් හවුස්` හි පැවති මේ හමුවේදී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, වතු කරයේ අගමැති සම්බන්ධිකාරක සෙන්දිල් තොණ්ඩමාන් අවධානය යොමු කළේ වතු කම්කරුවන්ගේ දිගු කාලින අපේක්ෂාවක් වන නිවාස ගැටලුව විසදීමට ඉන්දියාවේ මැදිහත් වීම අපේක්‍ෂා කරන බවයි.

කඳුකර දෙමළ ජනයා වෙනුවෙන් සරසවියක් ලබා දෙන ලෙස බොහෝ කලකට පෙර ඉන්දියාවෙන් කළ ඉල්ලීම ඉටුකිරීමට මැදිහත් වන ලෙස ද විදේශ ඇමැති ජෙයශන්කර් ගෙන් ලංකා කම්කරු කොංග්‍රස් නායකයෝ ඉල්ලා තිබේ. 

 
 

The Leader TV අද වීඩියෝ 

 

මී ගොං වස්සෙක් ගෙන් ආදර්ශයක් ! | මොණරවිලගේ ලියමන

රනිල් ගැන සමාජ කියවීම කෲර ධනවාදියෙක් කියලයි - පාඨලී චම්පික රණවක | Direct Politics

නාමල් බේබිට සිරිසඟබෝ ගහලා! | අද ගොසිප් එක

 

Leader Whats app


 

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්