මිරිහාන නුගේගොඩ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නිවසට යන මාර්ගය වසමින් විරෝධතාවයේ නිරත වූ විරෝධතාකරුවන්ට පොලිසිය විසින් අධි පීඩන ජල හා ඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.


පොලිසිය විසින් මෙම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කරමින් පිරිස විසුරුවා හැරීමට කටයුතු කරද්දී විරෝධතාකරුවන්ද පොලිසියට ගල් මුල්වලින් පහර දී තිබිණ.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පෞද්ගලික නිවස පිහිටි නුගේගොඩ මිරිහාන පිවිසුම් මාර්ගය අසලට අද (31) පස්වරුවේ රැස් වූ දහස් සංඛ්‍යාත ජනකායක්


ගෑස්, ඉන්ධන, විදුලිය අර්බුදවලට විසඳුම් ඉල්ලමින් උද්ඝෝෂණයක් කළහ. ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස ද විරෝධතාකරුවන් බලකර සිටියහ.

උද්ඝෝෂකයන් ජනාධිපතිවරයා ගේ නිවසට කඩා වැදීම වැළැක්වීම සඳහා දැඩි මාර්ග බාධක සහ පොලිස් ආරක්ෂාව යොදා තිබිණි.

 


ජුබිලි කණුව මංසන්ධිය අසලට අද පස්වරුවේ මුලින් රැස්වූ ජනතාව එහි විරෝධතාවයක් කිරීමෙන් අනතුරුව මිරිහාන පැඟිරිවත්ත ජනාධිපතිවරයාගේ නිවසට ප්‍රවේශ ප්‍රවේශ වන මාර්ගය අසලට පැමිණ එම මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කළහ.

උද්ඝෝෂකයන් ජනාධිපතිවරයා ගේ නිවසට කඩා වැදීම වැළැක්වීම සඳහා පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය දැඩි පරිශ්‍රමයක් දරන අයුරු දැකගත හැකි විය.

මෙම උද්ඝෝෂණය නිසා නුගේගොඩ මහරගම 119 මහා මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි.  

එම විරෝධතාවය පැවැත්වෙන ප්‍රදේශයේ මේ වන විට විදුලියද විසන්ධි කර ඇත.

කෙසේ වෙතත් ජුබිලි කණුව මංසන්ධියේ සිට පරණ කොට්ටාව මාර්ගයේ කිලෝමීටර 2ක දුරට විශාල ජනතාවක් රැස්ව සිටි බවට තොරතුරු වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ නිවසට පිවිසෙන මාර්ගය අසල දැඩි පොලිස් රැකවල් දමා තිබූ අතර සිද්ධිය වන අවස්ථාවේ ජනාධිපතිවරයා නිවසේ නොසිටියේය.

{gallery}protest in Mirihana{/gallery}

The Leader TV අද වීඩියෝ 
 
 
 
 

Leader Whats app


 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image