පසුගියදා අමාත්‍ය තනතුරුවලින් ඉල්ලා අස්වූ මැති ඇමතිවරුන් ගණනාවක් ජනාධිපතිවරයා ඉදිරියේ හෙට දිනයේ (11) දිව්රුම් දීමට නියමිතව ඇතැයි

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

සදුදා නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දී වත්මන් ආණ්ඩුවම ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වන බව හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි. ඔහු එබව සඳහන් කලේ ජනහමුවක් අමතමිනි.

පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය පෙන්විය හැකි ඕනෑම කණ්ඩායමකට ආණ්ඩුව කරගෙන යන්නැයි ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදීව ආරාධනා කළද කිසිවකු එම අභියෝගය බාර නොගත් බව පවසන හිටපු ඇමතිවරයා, ඔවුන්ට ආණ්ඩුව ලබා දෙද්දී ඔවුන් බාර නොගන්නේ කරන්න බැරි නිසා බවද සඳහන් කළේය.

ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසන පරිදි, නව කැබිනට් මණ්ඩලය 15 දෙනෙකුට සිමා කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

 

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන වැනි කිහිප දෙනෙකුට වඩාත් වගකීම් සහිත අමාත්‍යධුර පවරන ලෙස පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි. 

 

.

 

ඩලස් ගෙන් පෙරළිකාරී තීන්දුවක් !


ජනතාවගේ වෛරයට හා පිළිකුලට ලක්ව ඇති පිරිසකගෙන් යුතු කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා හෙට (11) දිනයේ කටයුතු කළහොත් ආණ්ඩුව තුල සිටින තවත් මන්ත්‍රී කණ්ඩායමක් ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීන්දු කර තිබේ.

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම එහි පෙරමුණ ගනු ඇති බවත්, එහිදී පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 10කට වැඩි කණ්ඩායමක් ඩලස් සමග එක්වීමට නියමිත බවත් පැවසේ. 

 

එවැනි තත්ත්වයක් මතුවුවහොත් රාජපක්ෂ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 113 සරල බහුතරය අහිමිවනු ඇත. තුනෙන් දෙකකට වැඩි බලයක් තිබු ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හතලිස් දෙදෙනෙකු (42) පසුගිය 05 වෙනිදා ස්වාධිනවීමත් සමග මේවන විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 117කට පහලට වැටි තිබේ. එසේ දැනට 117ක් ලෙස රඳවා ගෙන සිටින්නේ මුස්ලිම් පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ හා සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ ද සහය ලබමිනි.

 

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ආචාර්ය චරිත හේරත් වත්මන් අර්බුදය සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් මගින් සිය කනස්සල්ල මෙසේ ප්‍රකාශකර ඇත.


"ජනාධිපති ජන්දයේදී අපිට සහාය දී පාරේ දෙපැත්තේ චිත්‍ර ඇන්ද තරුණයෝ අද 'ගෝටා ගෝ' කියල පාරට ආවේ ඇයි කියල අපි බලන්න ඕන.  මේ අභියෝගය බරපතල ආකාරයෙන් අපිට භාර ගන්න සහ අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න බැරිනම් අපි ජනතාවගේ සම්මුතියක් ලබාගන්න පියවර ගන්න ඕන".

charith

ඒ අතර ඔහු 'මහජන මන්ත්‍රණ සභාව' වැඩසටහනේ දී ආණ්ඩුවේ මතය දැඩි ලෙස විවේචනය කළේය.





සබැඳි පුවත් :

විශ්වාස භංගය ගැන පෙරළිකාරයින්ගේ තීන්දුව හෙට !

අන්තර්කාලීන ආණ්ඩුවක් ගැන ජනාධිපති හා ස්වාධින කණ්ඩායම අතර සාකච්ඡාවක් !

විශ්වාසභංගය ගැන තීන්දුවක් ! - සජිත්, ස්වාධින මන්ත්‍රී කණ්ඩායම හමුවේ !!

ස්වාධින මන්ත්‍රී කණ්ඩායමෙන් ජනපතිට යෝජනා 11 ක් - නව අගමැතිවරයෙකු පත් කරන්න කියයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්