leader s

රටට ආදරය කරන අවංක වෘත්තීයවේදීන්ගේ සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහය ලැබේ නම් රට ගොඩගත හැකි වැඩපිලිවලකට නායකත්වය ලබා දීමට තමන් සුදානම් බව 43 සේනාංකයේ නායක පාඨලී චම්පික

පවසයි.

ඔහු එබව කියා සිටියේ, බීබිසියට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම සුදුසු නොවන අතර නව ආණ්ඩුවක් බලය ලබා ගත්ත ද ජූලි 25 වැනි දින ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවීමට සිදුවන බැවින් මේ තත්ත්වයට මුහුණදීම සඳහා ජාත්‍යන්තරයේ සහය මත ක්‍රියාත්මක කළ යුතු වැඩපිලිවලක් ඔහු යෝජනා කළේය.

එම වැඩපිළිවල ක්‍රියාත්මක කිරීම සඳහා සියලු පක්ෂවල සහය ලබා ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් කර පවුල් පාලනයෙන් තොරව රට ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තුව සතු බලතල අනුව ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවත් ඔහු බීබීසීය සමග පැවති සංවාදයකදී කියා සිටියේය.
 

The Leader TV අද වීඩියෝ 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්