leader s

කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ යෙදී සිටින තරුණයින් සමග සාකච්ජා කිරීමට රජය සූදානම් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.


ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් මේ වන විට අඛණ්ඩව 05වන දිනයටත් ගාලු මුවදොර පිටියේ සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තරුණ තරුණියන් විරෝධතාවයේ යෙදී සිටිති.

අග්‍රාමත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සමාජ, ආර්ථික හා දේශපාලන හේතු මත ගාලු මුවදොරට රැස්වී දැනට විරෝධතාවයේ නිරතවන පිරිස සමග සාකච්ඡාවකට අග්‍රාමාත්‍යවරයා සූදානම් බවයි.

ඒ අනුව රට හමුවේ මේ මොහොතේ පවතින අභියෝගය ජයගැනීම වෙනුවෙන් විරෝධතාවයේ නිරත පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීමට අපේක්ෂිත බව ද එහි සඳහන් ය.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, විරෝධතාවයේ නිරත පිරිස සාකච්ඡාව සඳහා සූදානම් නම්, අග්‍රාමාත්‍යවරයා එම පිරිසේ නියෝජිතයන්ට ඒ සඳහා ආරාධනා කරන බවයි.

දිවයින පුරා සිටින තරුණ තරුණයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය 09 වන දින එම විරෝධතාවය ආරම්භ වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් සවිකර ගනිමින් විරෝධතාකරුවන් දිවා රෑ විරෝධතාවයේ නිරත වී සිටී.

 

 

go home gota 2022.4.11protest lk

 

The Leader TV අද වීඩියෝ 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්