leader s

ගාලුමුවදොර ජන අරගල භූමියේ රාජකාරියේ යෙදී සිටිය දී ජනාධිපතිවරයා සහ රජය විවේචනය කළ පොලිස් සැරයන්වරයා වහාම මානසික වෛද්‍යවරයකු වෙත යොමුකිරීමට පොලිස්පතිවරයා විසින් කටයුතු කර ඇතැයි

වාර්තාවේ.

ආණ්ඩුවට එරෙහිව කොළඹ ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවයට සහය පළකරමින් පොලිස් නිලධාරියෙකු අදහස් දැක්වූ අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

ගාලුමුවදොර විරෝධතාවයේ නිරතව සිටින තරුණ පිරිස් අතරට පැමිණි පොලිස් නිලධාරියා, ආණ්ඩුව පලවා හැරිය යුතු බවත් හැකි අයෙකුට ආණ්ඩුව භාර දිය යුතු බවත් ය. පොලිසියත් අධිකරණයත් ක්‍රියාත්මක වන්නේ දුප්පතාට පමණක් යයිද සදහන් කලේය.

 


බරපතල චෝදනා පත්‍රයක් !



පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරන පරිදි මෙසේ ප්‍රසිද්ධියේ රජය විවේචනය කර ඇත්තේ,  වීරසිංහ මුදියන්සේලා⁣ගේ අමරදාස නමැති පොලිස් සැරයන්වරයෙකි. (පො.සැ.30158).

ඔහු කොළඹගේ ආර, උඩවලව පදිංචි අයෙකි .

ඔහු 2021.12.02 සිට කුට්ටිගල පොලිස් ස්ථානයෙත් 2022.12.16 සිට සිරිපාගම පොලිස් ස්ථානයට අනුයුක්තව පවනැල්ල පොලිස් මුරපොලේ විශේෂ රාජකාරී යොදවා තිබී ඇත.


විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මේවනවිටත් විමර්ශන සිදුවනබව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග කියා සිටියි. ඉන් කිහිපයක් මෙසේය.


1). 1999.10.07 දින පැය 1400 ට මුර සංචාරයේ යෙදී සිටියදී, රාජකාරී පැහැර හරිමින්, බලපත්‍ර නොමැතිව අංක 68-8871 දරණ ලොරි රථයෙන් තේක්ක කොටන් ප්‍රවාහනය කිරීම. (දඬුවම - පොලිස් දෙපාර්තුමේන්තුව විසින් පවත්වන ලද විනය පරික්ෂණයෙන් වරදකරු විම හේතුවෙන්  2000.01.29 දිනට නියමිත වැටුප් වර්ධකය වසර 09 ක් දක්වා අත්හිටුවීම)

2). 2013.05.22 දින ගංජා කිලෝ 05 යි ග්‍රෑම් 16ක් ජාවාරම් කිරීම සඳහා රැගෙනයාම. (දඬුවම - පොලිස් දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද විනය පරීක්ෂණයෙන් වරදකරුවීම හේතුවෙන් 2014 හා 2015 වැටුප් වර්ධක අත්හිටුවීම සහ රු. 30000/- ක මුදලක් වාරික 24කින් අයකර ගැනීම) මේ පිලිබදව ඇඹිලිපිටිය මහාධිකරණයේ අංක 48/ 2015 යටතේ නඩු පවරා මේ දක්වා විභාග වෙමින් පවතින අතර මීලග නඩු දිනය 2022.05.23 වේ.

Screenshot 2022 04 14 at 10.23.28 PM

 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්