leader s

පාස්කු ඉරුදින ආගමික වැඩසටහන් ගාලුමුවදොර විරෝධතාව පැවැත්වෙන ස්ථානයේ පැවැත්වීමේ සූදානමක් ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවල පළවුවද කතෝලික සභාව තුළ එවැනි කිසිදු සූදානමක් නොමැති බව

එහි මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමෝ අවධාරණය කළහ.

කෙසේවුවද ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කරමින් ගාලුමුවදොරදී පැවැත්වෙන විරෝධතාවයට කතෝලික සභාව සහයෝගය දක්වන බවත් ජනාධිපතිවරයා ඉවත් විය යුතු යන ස්ථාවරයේ කතෝලික සභාවද සිටින බවත් උන්වහන්සේ පැවසූහ.

 කතෝලික සභාව ද එම විරෝධතාවය ක්‍රියාත්මක කරන පිරිස සමග පසෙකින් සිටින බවත් විරෝධතාවය තුළ ආගමික කටයුතු කිරීමේ කිසිදු සූදානමක් නොමැති බවත් සිරිල් ගාමිණී පියතුමෝ වැඩිදුරටත් කීහ.



කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහ සිකුරාදා දිනය අදයි



2019.04.18.02

කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහ සිකුරාදා දිනය අදයි.

යේසුස් ක්‍රිස්තුන් වහන්සේ, මිනිස් වෙස් ගත් ප්‍රේමය ලෙස කිතුණු භක්තිකයින් විශ්වාස කරයි.

උන්වහන්සේ සිය ජීවිතය ලෝක ජනතාවගේ පාපය නිසා අද වැනි දිනක පූජා කළේ ය.

එම නිසා ලොව පුරා සුවහසක් කිතුණු බැතිමතුන්, සැදැහැ සිත් පෙරදැරිව අද, මහ සිකුරාදා දිනය ලෙස සමරනනු ලබයි.

මිනිසා පවින් ගලවා ගැනීම අරමුණු කොට, දෙවියන් වහන්සේ සිය පුත් දේවත්වයෙන් මුදා මිනිසත් බව ගැනීමත් සිය ආධ්‍යාත්මික දිවිය මිනිසා උදෙසාම කැප කර ඔවුන් උදෙසාම කුරුසිය මත දිවි අත්හැරීම පාස්කු මංගල්‍යයේ සුවිශේෂිතම අවස්ථාව වේ.

කිතුණුවන් සාම්ප්‍ර‍යිකව අලු බදාදායින් ඇරඹන දින හතළිහක් පුරා විවිධ අගමික වතාවත්වල නිරත වේ.

ක්‍රිස්තුස් වහන්සේ ජෙරුසලමට ජයග්‍රාහීව පැමිණීම සිහිපත් කරමින් පසුගිය ගොබ් ඉරිදායින් ශුද්ධ වූ සතිය ආරම්භ කළේ ය.

කිතු සමිදාණන් පාවාදීමේ අවස්ථාව ඊයේ (14) සියලු දෙව් මැදුරකදීම සමරනු ලැබුවේ උන්වහන්සේ විසින් සිය ගෝලයන් දොළොස් දෙනාගේ පා දෝවනය කරමින් අවසන් රාත්‍රී භෝජනයට එක් වූ අයුරු සංකේතවත් කරමිනි.

කිතු සමිදුන්ගේ ප්‍රාණ පරිත්‍යාගය සිහිපත් කෙරෙන අද එනම් මහ සිකුරාදා සෑම දේවස්ථානයකම ජේසුතුමන්ගේ කල්වාරි ගමන සමරන පාද නමස්කාරයන්ට එක්වන කිතුණුවෝ සවස තුන් පෑ ධ්‍යානය මගින් එම විශේෂිත ගැඹුරු ආධ්‍යාත්මික මෙහෙයට එක්වේ.

හෙට (16) දිනයේදී කිතුණු බැතිමතුන් දිව්‍ය පුජාවට සහභාගී වන්නේ ආලේලුයියා සෙනසුරාදා සිහිපත් කරමිනි.

අනතුරුව ජේසුස් වහන්සේගේ උත්ථානය හෙවත් මළවුන් පරදා නැවත නැගිටීම සිහිකරමින් අනිද්දා (17) දිනයේ කිතුනු බැතිමතුන් පාස්කු ඉරිදා සමරයි.


(උපුටා ගැනීම් -News 1st)

 

The Leader TV අද වීඩියෝ 
 
 
 
 
 

Leader Whats app

 

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්