ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ජන අරගල භුමිය වටකරමින් අද (16) උදැසන සිට රඳවා සිටි පොලිස් ට්‍රක් රථ හා කළු පැහැති නිල ඇඳුමින් සැරසුන විශේෂ ආරක්ෂකයින් මේවනවිට ඉවත්කර ගෙන තිබේ.


සමාජ මාධ්‍ය ක්‍රියාකාරික විමුක්ති ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

vimukthi 2022.04.16 1

නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්



ජනතාවගේ විසම්මුතියේ නිදහස නීත්‍යානුකූලව භාවිත කිරීම කඩාකප්පල් කිරීම සඳහා කුමන හෝ පියවරක් ගැනීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරයි.
 
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) පෙන්වා දෙන්නේ, විශාල මහජන විරෝධයක් පවතින ගාලුමුවදොර පිටිය ආසන්නයට පොලිස් ට්‍රක් රථ ගණනාවක් ගෙන යන බවට විශ්වාසදායක තොරතුරු එහි සාමාජිකයන්ගෙන් ලැබුණු බවයි.

කෙසේ වෙතත් සමාජ මාධ්‍යවල උලුප්පා දැක්වීමෙන් සහ බලධාරීන්ගේ අවධානයට යොමු කිරීමෙන් පසුව දැන් එම ට්‍රක් රථ ඉවත්කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.
 
ඒ අනුව, රටේ මහජනතාවගේ සාමකාමී විරෝධය කුමන ආකාරයකින් කඩාකප්පල් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් ගැන ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ බලවත් අවධානය යොමුව ති බවත්, එසේම එවැනි ඕනෑම උත්සාහයක් රටට, ප්‍රජාතන්ත්‍රවාදයට, එහි ආර්ථිකයට සහ නීතියේ ආධිපත්‍යයට බරපතල ප්‍රතිවිපාක ඇති කරනු ඇති බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.




WhatsApp Image 2022 04 16 at 11.11.50 AM

 

 



ගාලු මුවදොර උද්‍ඝෝෂණයට ආදිවාසීන් ද එක්වේ




කොළඹ ගාලු මුවදොර පිටිය ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවය 8වන දිනටත් අඛණ්ඩව පැවැත්වෙයි.

දිවයින පුරා සිටින තරුණ තරුණියින්ගේ සහභාගීත්වයෙන් පසුගිය 09 වෙනිදා මෙම විරෝධතාවය ආරම්භ වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සහ ගාලු මුවදොර පරිශ්‍රයේ විරෝධතාකරුවන් දිවා රාත්‍රී සිය විරෝධතාවයේ නිරත වී සිටී.

මේ වනවිට බාල මහළු මෙන්ම විවිධ තරාතිරම වල ජනතාව ඊට එක්වී සිටිති.

ඊයේ (15) රාත්‍රියේ විරෝධතා පැවැත්වෙන ගාලු මුවදොර පිටියට ආදිවාසින් පිරිසක් ද පැමිණ තිබේ.

එමෙන්ම තවත් කලාකරුවන් පිරිසක් ද විරෝධතාවට ඊයේ රාත්‍රියේ සහභාගී වී ඇත.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන ජන අරගල භූමියට ඊයේ රාත්‍රීයේ 50,000 කට අධික ජනකායක් රැස්ව සිටීම නිසා එම ස්ථානයේ දැඩි තදබදයක් ඇතිවී තිබිණ.

The Leader TV අද වීඩියෝ 

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්