leader s

අපේ සල්ලි කොල්ල කෑ හොරු රැල #පන්නමු! තේමාවෙන් ජාතික ජන බලවේගය පවත්වනු ලබන දින 03ක පාගමන ඊයේ (17) උදේ 09ට බේරුවලින් ආරම්භ විය.


මෙම විරෝධතා පාගමනට දසදහස් ගණනින් ජනතාව එක්රොක් වී සිටිති.

විරෝධතා පාගමන එන මග දෙපස එක්රොක් වී සිටින ජතනාව රතිඤ්ඤා දල්වමින්, සිසිල් පැන් සංග්‍රහ සිදු කරමින්, කෙටි ආහාර වර්ග ලබා දෙමින් පාගමනට සහයෝගය දක්වන අයුරුද දක්නට ලැබේ.



එම විරෝධතා පාගමන ඊයේ වාද්දූවට පැමිණි අතර අද (18) වාද්දූවේ සිට මොරටුව දක්වාද හෙට (19) මොරටුවේ සිට කොළඹ නගර සභා පිටිය දක්වාද පැමිණීමට නියමිතය. කොළඹ නගර සභා පිටියේදී දැවැන්ත විරෝධතා රැලියක්ද සූධානම් කර ඇත.



මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ නායකයින්, කලාකරුවන්, වෛද්‍යවරුන්, නීතීඥයින්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඇතුළු විවධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයෝ විශාල පිරිසක් එක්වී සිටිති.


 


 

Leader Whats app

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්