leader s

අප්‍රේල් 21දා කොළඹ නිදහස් චතුරශ්‍රය අභියස සත්‍යක්‍රියාවක් පැවැත්වීමට 'රැඩිකල් මැද සාමූහිකය' විසින් සැලසුම්කර ඇත.

අප්‍රේල් මස 21 වන දාට යෙදෙන මංගල සමරවීරයන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ඔහු ප්‍රාර්ථනා කළ රට නිර්මාණය කිරීම උදෙසා එක් කුඩා පියවරක් වශයෙන් එම සත්‍යක්‍රියාව පැවැත්වෙන බව 'රැඩිකල් මැද සාමූහිකය' පවසයි.

වීදි බැස ඇති සුවහසක් පුරවැසියන්ගේ සාධාරණ ඉල්ලීම් අනුව රාජපක්ෂ ක්‍රමය අවසන් කිරීමත්, පුරවැසියාට වග කියන ගෞරවනීය රජයක් ඇති කරගැනීමත් අභිලාෂය කරගත් දේශපාලන සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අතර සම්මුතියක් ගොඩනගා ගැනීමත් මෙහි මුලික අරමුණ වී තිබේ.

ඒ වෙනුවෙන් අප්‍රේල් 21 වන බ්‍රහස්පතින්දා සවස 04ට නිදහස් චතුරශ්‍රයේ පවත්වන සත්‍යක්‍රියාවට සහභාගී වන මෙන් 'රැඩිකල් මැද සාමූහිකය' ගෞරවයෙන් ඉල්ලා සිටියි.

'රැඩිකල් මැද සාමූහිකය' මංගල සමරවීරයන් විසින් ආරම්භකළ තරුණ තරුණියන්ගෙන් සමන්විත දේශපාලන මෙහෙයුමකි.

රාජපක්ෂ පාලනයට ඉල්ලා අස්වීමට බල කරමින් ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජන අරගල විරෝධතාවයට අදට දින 10කි.  

WhatsApp Image 2022 04 18 at 8.02.27 AM

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්