1200 x 80 DMirror

ආණ්ඩුවට සිතෙන සිතෙන වෙලාවට මරා දැමීම සඳහා ජනතාව යනු බ්‍රොයිලර් කුකුලු පැටවුන් හෝ පාලකයන්ගේ දෙපා මුළ සිටින කුරුළු පැටව් නොවන බව සමාජ දේශපාලන ක්‍රියාකාරික විමල් කැටිපෙආරච්චි පවසයි.


ඔහු මේ බව ප්‍රකාශ කළේ ගෝටාගෝගම අරගල භූමියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

යන යකා කොරහත් බිඳගෙන යන බව පැරණි පිරුළකින් කියැවෙන බවත් කොරහ බිඳින්නට පටන් ගැනීමෙන් පෙනෙන්නේ යකා යන්නට හදන බව විය හැකි යැයි ද ඔහු පැවසීය.

ගෝල්ෆේස් අරගලය ගතානුගතික නායකයන් නොමැති සාමුහික අරගලයක් බවත් රටපුරා නැගෙන එවන් අරගල මර්දනයෙන් නැවැත්විය නොහැකි බව අවධාරණය කළ විමල් කැටිපෙආරච්චි, ඝාතන සැලසුම් වහා හකුලා ගන්නා ලෙස ආණ්ඩුවට බල කර සිටියේය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සමාජ සංස්කෘතික ක්‍රියාධරයන් පිරිසක් සහභාගී වී සිටියහ.

Leader Whats app

 

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය