leader s

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (04) දිනයේ පාර්ලිමේන්තුවේ වි‍ශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.


ඒ සමගි ජන බලවේගය විශ්වාස භංග යෝජනා දෙකක් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති පසුබිමකදීයි.

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම පිළිබඳව සලකා බලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම ධුරයෙන් ඉවත්වීමට තීරණයක් ගැනීමට ඉඩ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ පසුගියදා පැවති හමුවේදී සඳහන් කළ බවට මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඒ අනුව අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ගැන අද (04) විශේෂ ප්‍රකාශයක් කරනු ඇතැයි ද මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

එම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ගීත් කාසිලිංගම් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙසේ සඳහන් කර ඇත.

"අග්‍රාමාත්‍යවරයා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බවට පසුගිය දිනවල වාර්තා පළ වුණා.එහි අලුත්ම එක තමයි මීළඟට පාර්ලිමේන්තුව රැස්වෙනකොට විශේෂ ප්‍රකාශයක් කරලා ඉල්ලා අස්වෙන එක. මේක බොරුවක්. මෙවැනි කටකතා පතුරවන අයට (පවසන්නේ) කරුණාකර ප්‍රථමයෙන් එම පුවත නිරවද්‍යතාව තහවුරුකරගන්න."

 

Screenshot 2022 05 04 at 9.07.53 AM
රජයේ ස්ථාවරය: විවිධ කණ්ඩායම් වලින් කරන ප්‍රකාශ පමණයි


ජනාධිපතිතුමා ඉවත් වන්නේද? අග්‍රාමාත්‍යවරයා ඉවත් වන්නේද රජයේ ස්ථාවරය කුමක් දැයි මාධ්‍යවේදීන් අද කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශකවරයාගෙන් විමසීය.

එහිදී කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ "ජනාධිපතිවරයා රටේ පවතින දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගෙන කුඩා කැබිනට් මණ්ඩලයක් පත්කර තිබෙනවා. ඒ කැබිනට් මණ්ඩලය සහ ජනාධිපතිතුමා, රජය පවත්වාගෙන යනවා වෙනත් කිසිදු වෙනසක් වෙලා නැහැ. එයයි මේ අවස්ථාවේ රජයේ ස්ථාවරය."

"ඉදිරියේ සිද්ධවෙන්නේ කුමක්ද, හෙට දිනයේ සිද්ධවෙන්නේ කුමක්ද? ලබන සතියේ සිද්ධවෙන්නේ කුමක්ද කියන එක ගැන නිශ්චිතව ජනතාවට කියන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා. තවත් සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතයි ඉදිරි දිනවල." අමාත්‍යවරයා පැවසීය.


(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)

 

WhatsApp Image 2022 04 28 at 3.34.30 PM 1

 
 
 

Leader Whats app

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්