මන්ත්‍රි වරප්‍රසාද කඩකලා යැයි කියමින් අද(04) පෙරවරුවේ අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් 13 දෙනා

රාත්‍රී 8.00ට පමණ පුද්ගලික ඇප මත මුදා හරිනු ලැබිය.

ඒ, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවක නිරත වෙමින් සිටියදී තලංගම පොලීසිය විසින් එලෙස අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර තරුණියන් තිදෙනකු ද වේ.

"කළහකාරී ලෙස හැසිරෙමින් පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරුන්ගේ වාහනවලට පහරදී බාධා කිරීම හා අයුතු අවහිරය" යන චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේ ය.

ජනාධිපති නිතීඥ සරත් ජයමාන්න, අනුජ ප්‍රේමරත්න සහ කමල් විජේසිරි ඇතුළු නීතිඥවරුන් 200 දෙනෙකු පමණ තරුණයින් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් පෙනී සිටියේ ය.

සාමකාමී ලෙස විරෝධතා දැක්වීමට මහජනතාවට ඇති අයිතියට ගරු කරන්නැයි ආණ්ඩුවට බලකරමින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට අද පස්වරුවේ විරෝධතාවයක් ද සංවිධානය කර තිබු අතර අත්අඩංගුවට පත් අරගලකරුවන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට කහ මල් පිළිගන්වමින් ගෞරවාචාරය පුදකරනු දක්නට ලැබිණ 

 
ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල විරෝධතාවයේ නිරතවූ උද්ඝෝෂකයින් 13 දෙනෙකු පොලීසිය බලය යොදා බස් රථයකට නංවාගන්නා අයුරු දැක්වෙන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වීමත් සමග එය දිනයේ ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්විය.

මේ සම්බන්ධයෙන් නීතිඥවරුන් විශාල පිරිසකගේ අවධානය යොමුවූ අතර, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද අවධානය ලක්විය.

ජනපතිට විරුද්ධව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සාමකාමී විරෝධතාවේ නිරත වෙමින් සිටිය දී පොලීසිය මෙම පිරිස මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන බවට විරෝධතාකරුවන් චෝදනා කළේය.



fgdfgt6පොලීසියේ ක්‍රියාකලාපයට විරුද්ධ සාමකාමී විරෝධතාකරුවන් පිරිසක් මහරගම පොලීසිය ඉදිරියට එක්ව විරෝධතාවයේ යෙදී සිටියේය.


"සාමකාමී ලෙස විරෝධතා දැක්වීමට මහජනතාවට ඇති අයිතියට ගරු කළ යුතු යි"


විරෝධතා දැක්වීමේ නීත්‍යානුකූල අයිතියට අනුව කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගත නොහැකි බවත්, සාමකාමී ලෙස විරෝධතා දැක්වීමට මහජනතාවට ඇති අයිතියට ගරුකළ යුතු බවත්, එය තහවුරු කළ යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) අවධාරණය කළේ ය.

පාර්ලිමේන්තුව අවට තත්ත්වය උත්සන්න වෙමින් පවතින බව ද එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කළේ ය.

ඒ අවට පොලිස් සහ සේවා නිලධාරීන් බහුලව සිටින බව ඔවුනට වාර්තා වී ඇති බවත්, උද්ඝෝෂණයට සහභාගී වූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හා ඒ අවට රඳවා තබා ගැනීමට ලක් වූ අවස්ථාවන් පිළිබඳව ද වාර්තා වී ඇති බවත් නීතිඥ සංගමය ප්‍රකාශ කරයි.

ඉතා සංයමයෙන් කටයුතු කරන ලෙස රජය, පොලිස්පති ඇතුළු සියලුම පොලිස් නිලධාරීන්, හා ත්‍රිවිධ හමුදාව ඇතුළු අදාළ සියලු පාර්ශවයන්ගෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නැවතත් ඉල්ලා සිටියි.

එම සංගමය අවධාරණය කළේ, නීත්‍යානුකූලව විරෝධතා දැක්වීමේ අයිතියට අනුව කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගත නොහැකි බව යි.

bnby



පොලීසියේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

හෙට සහ අනිද්දා දිනවල පාර්ලිමේන්තුව අසල පැවැත්වීමට නියමිත විරෝධතා වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසට තලංගම පොලීසිය කළ ඉල්ලීම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කරනු ලැබීය.

පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් අද කඩුවෙල මහේස්ත්‍රාත්වරිය හමුවේ කරනු දක්වමින් මෙම විරෝධතා මඟින් පාර්ලිමේන්තු අවට මාර්ග අවහිර විය හැකි බව දක්වමින් වාරණ නියෝගයක් ඉල්ලා සිටියේ ය.


"මයිනාගෝගම" ඉවත් කිරීමට ප්‍රමාද ඇයි? - අධිකරණයෙන් විමසීම්

මේ අතර අරලිය ගහ මන්දිරයේ ඉදිරිපස පදික වේදිකාව අවහිර වන පරිදි සිදුවන මහජන පීඩා ඉවත්කරන ලෙස අධිකරණය දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාදවීම ගැන අධිකරණය හමුවේ කරුණු දක්වන්නැ යි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට අද නියෝග කරනු ලැබීය.

උද්ඝෝෂකයන් වෙනුවෙන් අධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කරමින් කළ කරුණු දැක්වීමකින් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක නියෝගය නිකුත් කළේ ය.

ඒ අනුව ලබන 09 වැනිදා අධිකරණය හමුවේ කරුණු දැක්වීමට කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, මෙම කරුණු සම්බන්ධව නීතිපතිවරයාට නොතීසි ද නිකුත් කරනු ලැබීය.

අරලිය ගහ මන්දිරයේ ඉදිරිපස සිදුවන මහජන පීඩාවක් සම්බන්ධයෙන් පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තාකර ඉකුත් 02 වැනිදා නියෝගයක් ලබාගෙන තිබුණි.

අධිකරණ නියෝගය මෙතෙක් අරලියගහ මන්දිරයේ ඉදිරිපස සිටින උද්ඝෝෂකයන් වෙත කියවාදීමක් හෝ ඔවුන් වෙත දැනුම්දීමක් පොලිසිය විසින් සිදුකර නැත්තේ මහජන පීඩාවක් ඉන් සිදුනොවන නිසා බව නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියහ


fghfghඅධිකරණ නියෝගය



(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)


සබැඳි පුවත් :

මහ නාහිමිවරුන් බැහැදුටු තරුණයින් කිහිප දෙනෙකුත් අත්අඩංගුවේ !

පාර්ලිමේන්තුව අසල විරෝධතාවේ සිටි පිරිසක් පැහැරගෙන යයි !


 
 

 

 


 

WhatsApp Image 2022 04 28 at 3.34.30 PM 1

 
 
 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්